
සිට්‍රස් (Citrus) හෝටල් සමූහයට අයත් සිට්‍රස් හික්කඩුව (Citrus Hikkaduwa) හෝටලය මැයි 09 වැනිදා සිට ලබන ජූනි 30 වැනිදා දක්වා සිය හෝටල් මෙහෙයුම් තාවකාලිකව නවතා දමන බව හෝටලය හිමි හික්කඩුව බීච් රිසෝට්ස් හොටේල් පීඑල්සී සමාගම පවසයි.
හෝටලයේ සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් සහ මෙහෙයුම් වැඩිදියුණු කිරීමක් වෙනුවෙන් මෙලෙස හෝටලය තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබේ.
කෙසේ වෙතත් හෝටලය තාවකිලිකව වසා දැමුණද සමාගමෙහි දීර්ඝ කාලීන කාර්යසාධනය වෙනුවෙන් එය අහිතකර බලපෑමක් එල්ල නොකරන බවත් සමාගම පවසයි. ලබන ජූලි 01 වැනිදා හෝටලය යළි විවෘත වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd