ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් අතරද ප්‍රචලිත ක්‍රිමිරාජ නාමය මේ වසරේදී සිය 75 වැනි අභිමානවත් වසර සමරන බව එහි සභාපති මහචාර්ය සුමනරත්න අමරතුංග මහතා ප්‍රකාශ කරයි. මහචාර්ය සුමනරත්න අමරතුංග කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙක්ද වේ. ඔහු එම තනතුර දැරුවේ කිසිදු වරප්‍රසාදයක් නොගෙන ස්වේච්ඡාවෙන්ය. 
ක්‍රිමිරාජ නාමය යටතේ නිෂ්පාදිත සියලු‍ම ආයුර්වේද ඖෂධ රසකාරකවලින් තොර ස්වභාවික දේවල්වලින් වෙළෙඳපොළට පැමිණෙයි. ක්‍රිමිරාජ නිෂ්පාදන රාශියක් අතරින් ක්‍රිමිරාජ කරල්වලට හා ගුලිවලට ජනතාව අතර ඉහළ පිළිගැනීමක් ඇත. සිය නිෂ්පාදන කිසිදු ප්‍රචාරණයක් නොමැතිව ජනතාව අතරට ගොස් තිබීම පිළිබඳව තමන් සතුටු වන බව මහචාර්ය සුමනරත්න අමරතුංග අවධාරණය කරයි. තම පියාගේ හදිසි වි‍යෝවෙන් පසු ක්‍රිමිරාජ නාමය වසර 75ක් දක්වා ඉදිරියට ගෙන ඒම පිළිබඳව තමා සතුටට පත්වෙනවා පමණක් නොව මෙතෙක් රැගෙන ආ කීර්තිනාමය එලෙසම පවත්වාගෙන යාමට අදිටන් කර ඇති බවද මහචාර්ය සුමනරත්න අමරතුංග පැවසීය.