නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ කොළඹ රෝයල් ගොල්ෆ් ක්ලබ් (RCGC) අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක් ලෙස, ‘2026 නේෂන්ස් ට්‍රස්ට් ගොල්ෆ් ශූරතාවලිය’ RCGC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තරගාවලියේ සුවිශේෂීත්වය වන්නේ ප්‍රථම වතාවට ‘Shotgun Starts’ වාර තුනක් හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන තිබීමයි. බැංකුකරණයෙන් ඔබ්බට ගිය ක්‍රීඩා අත්දැකීමක් ලබාදෙන මෙම ශූරතාවලිය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික සහකරුවන් සහ ගොල්ෆ් ක්‍රීඩාවට ලැදි පිරිස් එකම ස්ථානයකට රැගෙන ඒමට අවස්ථාව සලසා තිබේ.
මෙම ශූරතාවලිය 2026 මැයි 22 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිත අතර, එහි වාර තුන සඳහා ක්‍රීඩකයන් 345කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රයිවට් බෑන්කින් අංශයේ පාරිභෝගිකයන්, ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්, ආයතනික සහ වාණිජ බැංකුකරණ අංශවල පාරිභෝගිකයන් මෙන්ම ආරාධිත ගොල්ෆ් ලෝලීහු ද සහභාගී වන පිරිසට ඇතුළත් වෙති.
පිරිමි සහ කාන්තා අංශවල ජයග්‍රාහකයන් සහ දෙවැනි ස්ථාන දිනාගන්නන් මෙන්ම, Masters සහ Seniors අංශ යටතේ කුසලාන සහ ත්‍යාග පිරිනැමෙනු ඇත. Longest Drive at the 8th Hole, Closest to the Pin at the 13th Hole, සහ සමස්ත ජයග්‍රාහකයා වෙනුවෙන් විශේෂ ඇගයීම් පිරිනැමේ. මීට අමතරව, Hole-in-One ජයග්‍රහණය වෙනුවෙන් රුපියල් මිලියන 8ක් වටිනා ‘Hublot Big Bang Unico Titanium’ අත් ඔරලෝසුවක් පිරිනැමෙන අතර, සමස්ත ජයග්‍රාහකයාට මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ ගොල්ෆ් නිවාඩු නිකේතනයක නවාතැන් ඇතුළු සියලු වියදම් සහිත සංචාරයක් හිමි වේ.
මාධ්‍ය සාකච්ඡාව අමතමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් මහතා ප්‍රකාශ කළේ, “නේෂන්ස් ට්‍රස්ට් ගොල්ෆ් ශූරතාවලිය අපගේ වාර්ෂික වැඩසටහන් අතර අතිශය වැදගත් අංගයක් ලෙස අඛණ්ඩව පවතින්නේ, වඩාත් සැහැල්ලු මෙන්ම ආකර්ෂණීය වටපිටාවක අපගේ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීමට එමගින් අවස්ථාව උදා වන බැවිනි. එමෙන්ම, ගොල්ෆ් ක්‍රීඩාවට ලැදි පිරිස් ඒ වටා රොක් කරමින්, ඔවුනට ප්‍රීතිමත් අත්දැකීම් රැසක් ලබා දීමට ද මෙමගින් අපට හැකි වේ.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd