මිතුරන්ගේ බයිට්එකට තරු පෙනිලා මත්පැනට ගිජුවූ පුද්ගලයින් ගැන අපි කොතෙකුත් අසා තිබුණ ද කටගැස්මට ලොල් වූ තැනැත්තන් ගැන ද අහම්බෙන් තොරතුරු වාර්තා වන අතර මේ එවැනි අයකුට සිදුවූ අකරතැබ්බයක් ගැන දකුණු පළාතේ සුන්දර ගම්මානයකින් අසන්නට ලැබුණු පුවතකි. 05 January 2026
තෑග්ග සමරන්න ගිහින් ගෙදරින් දොට්ට දාලා පරණ අවුරුද්ද සමරන්න දෙවියන් දුන් තෑග්ග ප්‍රයෝජනයට ගෙන පරණ අවුරුද්දේ නිවසින් යන්න සිදුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. කොයිදේටත් මිනිහා ඉස්සරහට ගත්තේ බෝතලයයි. පරණ අවුරුද්ද ද එසේමය. එදා වේල පිරිමසා ගත්තේ කුලියක් මලියක් කර ගනිමිනි. එයින් භාගයක්ම ඉවර කළේ කාලයක් භාගයක් ගැසීමටයි. මායියා කඩයප්පම් තම්බා අහල පහළ වෙළඳ සල්වලට දමන නිසා නිවසේ මදිපාඩුව සම්පූර්ණ විය. 02 January 2026
තේ හුටපටයෙන් මුදලාලි හාමිනේගේ රෙදි ගැලවිලා උණුසුම් තේ කෝප්පයක් රස බැලීමට කිසිදා නොලැබෙන ගමේ තේ කඩයක මුදලාලි හාමිනේ කෙනකුට හොඳ පාඩමක් කියා දුන් වයෝවෘද්ධ ගැමියකු පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය. 01 January 2026
අයියා මලෝ ගේමට රන් බඩුත් පුදලා අයියා, මලෝ දෙදෙනා දුන් අපූරු ගේමක් ගැන කතාවක් මේ දිනවල ගාලු දිසාවේ නගරයකින් අසන්න ලැබේ. 31 December 2025
ආපදා ආධාර ගන්න රොන්මඩ ගෙනත් දාලා ආපදාවක් නොවු නිවසක ගැමියකු සිය නිවසට ගංවතුර ගැලීමෙන් ආපදාවක් සිදුවිනැයි කියමින් සිය නිවසේ ගෙබිමට අසල වෙල් යායෙන් මඩ වතුර සහිත රොන් මඩ රැගෙනවිත් දමා ආධාර ඉල්ලූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබේ. 30 December 2025
ආපදා ආධාර සාක්කුවට දාගෙන අලි අමාරුවක දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්වූ පාසල් සිසුන්ට ආධාර කරන ගමන්ම සිය සාක්කුවට ද ආධාරයක් දමා ගෙන අලි අමාරුවක වැටී සිටින පාසල් ගුරුවරයකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 29 December 2025
ඇඳුම් එක්ක මී පැටවුත් දීලා මෑතකදී භාවිතයෙන් ඉවත් කළ එහෙත් යළි භාවිත කළ හැකි හොඳ මට්ටමේ ඇඳුම් තොගයක් දිට්වාගෙන් දිවි ගලවාගත් අයට ලබාදීමට ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයකට දීමට ගිය අයකුට අපූරු අලුත් අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 24 December 2025
බොරු කියන්න ගිහින් මට්ටුවෙලා ගමේ පොලී මුදලාලි සිය නිවෙස දෙසට පැමිණෙනවා දැක කලබලයට පත් පුද්ගලයකු ඒ බව ගෙමිදුලට වී පුංචි පුතුට බත් කවමින් සිටි බිරිඳට ද පවසා ගෙතුළට ගොස් සැඟවී සිටියදී පුතු විසින් ඒ බව මුදලාලිට පැවසීමෙන් සිදු වූ අලකලංචියක් පිළිබඳ පුවතක් රජරට ප්‍රදේශයේ ගමකින් වාර්තා විය. 23 December 2025
ගැහිලි අතටම අහුවෙලා ප්‍රාදේශීය සභාව ආසන්නයේ ඇති ආපනශාලාවකින් තේ එකක් බීමට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට මාසික සභා රැස්වීම දවසේ සිදුවන අමුතුම සොරකමක් අනාවරණය කර ගැනීමට හැකි වූ කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 22 December 2025
අවතැන් කදවුරට අනියම් බිරිය ගෙනත් ජංජාලයයි ගංවතුර හේතුවෙන් පීඩාවට පත් කාන්තාවක් පිළිසරණ පතා සුරක්ෂා මධ්‍යස්ථානයකට පැමිණ සිටියදී කලක සිට ඇගෙන් වෙන්වී වෙනත් කාන්තාවක් සමඟ ජීවත්වන ඇයගේ නීත්‍යානුකූල සැමියාද ඔහුගේ කාන්තාවක කැටුව එම සුරක්ෂා මධ්‍යස්ථානයටම පැමිණීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනා අතර හටගත් ගැටුමක් සුරක්ෂා මධ්‍යස්ථානයේ සිටි අනෙක් පිරිස මැදිහත් වී බේරුම් කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 20 December 2025
ආපදා උදව්වට සර්පයකුත් ගිහින් විපතට පත් ජනතාවගේ ජීවිත යථාවත් කරගැනීම සඳහා ඔවුන්ට උදව් කිරීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික්කයට ගිය පිරිසක් සමඟ විෂකුරු සර්පයකු ද ගොස් ඇති පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගිය දා අසන්නට ලැබුණි. 20 December 2025
ගංවතුර ආධාරයෙන් පාටි දාලා රෝහලේ මෙම සිද්ධිය වාර්තා වන්නේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එක්තරා ග්‍රාම නිලධාරී වසමකිනි. වාර්තා වන අන්දමට එම සිද්ධිය වනුයේ, පසුගියදා ඇතිවූ ගංවතුර හේතුවෙන් අපවිත්‍ර වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 25000ක ආධාර මුදලින් යහළුවන් සමඟ මත් පැන් සාදයක් පවත්වා බීමත්ව වෙරි මතින් හැසිරෙද්දී ඇද වැටී තුවාල ලබා රෝහලකින් ප්‍රතිකාර ලබාගත් පුද්ගලයකු පිළිබඳවය 20 December 2025
නිකන් කන්න ගිහින් ෆෝන් එකට තට්ටු කරගෙන නිකං කාල බීල පුරුදු කෙනෙකුට දවසක් නිකං කන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක දී සිදුවූ බවට ආරංචියක් පැතිරෙන්නට විය. ඒ සිද්ධිය සැකෙවින් මෙසේය. 20 December 2025
මී උගුලට ඇගිලි දෙකක් පුදලා නිවසේ මුළුතැන්ගේ හැම තැනම සැරිසරන මීයන් ඇල්ලීම සඳහා බිරිඳ විසින් අටවා තිබූ මී කතුරකට හසු වී ඇයගේ සැමියාගේ ඇඟිලි දෙකක්ම කැඩී යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. 20 December 2025
දීමනාව ගන්න අමුතුම තාලේ ගේමක් ගහලා තමා අධ්යක්ෂ මණ්ඩල දීමනා නොගන්නා බවට රට්ටුන් රවටා අපූරු උපක්‍රමයක් භාවිතා කරමින් අධ්යක්ෂ මණ්ඩල දීමනා ලබාගත් සමුපකාර සමිති උපසභාපතිවරයකු පිළිබඳ කතාවක් දකුණේ සමුපකාරයකින් අසන්නට ලැබේ. 20 December 2025
“පොර’’ වෙන්න ගිහින් රෙදි ගලෝගෙන සහකම්පිත පුරවැසියන් බිහිකිරීම සඳහා කලාවට සාහිත්‍යයට විශාල කාර්යභාරයක් පැවරි ඇතැයි පොර ටෝක් දෙන කලා එකමුතුවකට අඩ තියන්නට ගොස් මාට්ටුවී අකුලාගෙන ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 19 December 2025
බත් පතෙනුත් ගසා කාලා අවතැන් කඳවුරේ සිටින අහිංසකයන්ට දෙන්න සූදානම් කළ බත් පතේ මාළු ව්‍යංජනයෙන් ගසා කෑ දේශපාලකයකු සම්බන්ධයෙන් තොරතුරක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සාමාජිකයකු ලෙස පෙනී සිටින පුද්ගලයකු ගලේවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාළු වෙළඳ සලකට පැමිණියේය. 18 December 2025
ඉදිමෙන්න ගිහින් ජරාව නාලා ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක ජීවත් වූ පුද්ගලයෙකි. ඒ වනවිට පනස් හැවිරිදි වියේ පසුවූ ඔහු ගමේ අය හැඳින්වූයේ “පාල අයියා” නමිනි. එහෙත් ඔහුගේ උප්පැන්නයේ නමේ පාල යනුවෙන් නමක් නැත. ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට විවාහ වූයේ අවුරුදු හතළිස් පහක්ද ගතවූ පසුවය. ඔහුට ස්ථිර රැකියාවක් නොවූ අතර එදිනෙදා කුලී වැඩ කරමින් දෙදෙනාගේ වියදම සොයාගනු ලැබීය. ඒ වනවිට ඒ අසල ගම්මාන කිහිපයක මැණික් ගැරීම සිදුවිය. මේ අතර දිනක් ඔහුගේ යහළුවකු පැවසුවේ ඔවුන් පදිංචි ඉඩමේද මැණික් තිබෙන්නට පු 17 December 2025
සහන සීනි මලුවලින් කසිප්පු පෙරලා සුළි කුණාටුවෙන් අවතැන්ව සුරක්ෂා මධ්‍යස්ථානයකට ලැබුණු සීනි එකතු කර ගමට ගෙන ගොස් කසිප්පු පෙරා සප්පායම් වූ පිරිසක් ගැන පුවතක් වියලුවට නුදුරු ගමකින් වාර්තා වේ. 16 December 2025
ආපදා ආධාරයෙන් බිරිඳ අලි අමාරුවක අයහපත් කාලගුණය නිසා රටට සිදුව ඇති විපත් වෙනුවෙන් යමක් කළ යුතු බවට තීරණය කළ පුද්ගලයකු සිදු කළ දෙයකින් තම බිරිදට වූ අකරතැබ්බයක් ගැන කතාවකි මේ. 15 December 2025
පුතාගේ කටකාරකමෙන් පියාගේ රෙදි ගැලවිලා නගර මධ්‍යයේ දිට්වා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයකදී කටකාර පුතා නිසා එම මධ්‍යස්ථානයේ සාමාජිකයකුගේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. මේ නගර මධ්‍යයේද දිට්වා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙමින් තිබිණ. බාල, වැඩිහිටි කිහිපදෙනකුම මෙහි සාමාජිකයෝ වූහ. මෙහි කොල්ලෝ වැඩිපුර සිටියහ. විවාහකයන්ද කිහිපදෙනෙකි. වෙළඳාමට නමක් ගත් නගරයක පිහිටි මේ දිට්වා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට යහමින් බඩු භාණ්ඩ ලැබෙමින් තිබිණ. 13 December 2025
වෙරි පිට මාළු කූරියා අල්මාරියේ දාලා ඔහු විශ්‍රාම යාමට ආසන්න රජයේ සේවකයෙකි. වසර තිහකට වැඩි කාලයක් විවිධ ප්‍රදේශවල රාජකාරි කර ඇති ඔහුට පැමිණිලි තිබුණේ නැත. එහෙත් ඔහුගේ එක් දුර්වල කමක් සියල්ලෝම දැන සිටියහ. එනම් ඔහුගේ අධික බිමත් කමය. මත්පැන් තිබෙන තැන ඔහුට සියල්ල අමතකය. මත් පැන් පානය කිරීමට ඔහුට තැන හෝ බිමට සම්බන්ධවන පුද්ගලයින් තමන්ට ගැළපේද නොගැළපේද යන්න ප්‍රශ්නයක් නොවිය. 12 December 2025
“දිට්වා“ ආධාරෙට ගිහින් රෝන්දේ ගහලා පාසලේ සම වයසේ මිතුරු මිතුරියන් සමඟ නගර මධ්‍යයේ ගසා ඇති අට්ටාලයේ සිට දිට්වා ආධාර එකතු කිරීමට යනවා යයි කියා නිවසින් පිටව ගිය සිය දියණිය හැබෑවටම ගොස් තිබෙන, අමුතුම ගමන, අමුතුම ආකාරයට සොයා ගත් මවක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 11 December 2025
බූරු ඇඳ කඩා වැටී අමාරුව ඩබල් වෙලා අසාධ්‍යව සිටි රෝගියකු ආරක්ෂිතව රෝහල් ගත කිරීමට සැරසීමේදී රෝගියා බිමට ඇදවැටීමෙන් රෝගය උත්සන්න වූ පුවතක් වයඹ පළාතේ ගැමි පෙදෙසකින් අසන්නට ලැබුණි. රෝගියා වියපත් වියේ පසුවෙන අයෙකි. විවාහක දරු තිදෙනකුගේ පියෙකි. දරුවෝද විවාහ වී පිට පළාත්වල වාසය කරති. මේ තත්වය හමුවේ වියපත් යුවළ පමණක් නිවසේ වාසය කරති. එක් පුතෙකු සේවය කරන්නේ සෞඛ්‍ය සේවාවේය. ඔහු බිරිය හා දරු මුණුපුරන්ද කැටුව මුල් ගෙදරට ඉකුත්දා පැමිණියේය. 10 December 2025
දිට්වාවෙන් ගසා කන්න ගිහින් අලි අමාරුවක දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් අයට එකතු කරගත් ආධාර ලබාදීමට යයි කියමින් වැටුප් සහිතව ආයතනයෙන් නිවාඩු ලබාගත් සේවකයකුට මුහුණපෑමට වූ අලි අමාරුවක් පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 09 December 2025
වැරහැලි ඇඳුම් දී රෙදි ගැලවිලා අල්මාරියේ අස් කිරීමට තිබූ භාවිතයෙන් ඉවත් කළ පරණ ඇඳුම් තොගයක්ම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්වූවන්ට දීමට ගිය කතකට තමාගේ ඇඳුම් ගැලවී ගොස් කවදාවත්ම ඉගෙන ගැනීමට නොහැකිවූ පාඩමක් ඉගෙන ගැනීමට හැකිවූ පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 08 December 2025
පච ඇද බා වට්ස් ඇප් සාදෙට පොලු තියලා පෞද්ගලික ආයතනයක සේවය කර විශ්‍රාම ලබාසිටි පිරිසක් වට්ස්-ඇප් මාර්ගයෙන් නැවත එකතුවී ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇති අතර එහි දෙවැනි සාදය බාරගත් පුද්ගලයා සාදය පැවැත්වෙන දින නිවසේ දොර ජනෙල්ද වසා නිවසින් බැහැරවී සිටීම නිසා සාදයට සහභාගි වූවන් හිස් අතින්ම ආපසු හැරීගිය පුවතක් ගැන මැංගුස්වලට ප්‍රසිද්ධ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 05 December 2025
වට්ටක්කා ගෙඩියට වටේ ගිහින් අතිනුත් පුදලා රජයට අයත් ඉඩමක ඉබේ පැළවී තිබුණු වැලක ඵල දරා තිබුණු වට්ටක්කා ගෙඩියක් කවුරුන් විසින් හෝ කඩාගෙන යාම නිසා එයට ඇස ගසාගෙන සිටි ඒ ආසන්න වෙළෙඳසලක හිමිකරුවකු වට්ටක්කා ගෙඩිය සොයා සිදු කළ අපූරු මෙහෙයුමක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගිය දා වාර්තා විය. 03 December 2025
කුණු බඩු දීලා රෙදි ගැලවිලා ආපදාවන්ට ලක්වූවන්ට ආධාර තොගයක් ලබාදීමට ගිය මසුරු මුදලාලි කෙනකුගේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. මිනිහා අමු කුණෙකි. කිසි දෙයක් නිකන් දෙන්නෙකු නොවේ. එහෙත් ආපදාවන්ට ලක්වූවන්ට මිනිහා කඩේ බඩු තොගයක් ආපදාවන්ට බෙදාදීමට ගමේ කොල්ලන්ට දුන්නේය. මුදලාලිගේ මේ පරිත්‍යාගය පිළිබඳව කොල්ලෝ පුදුම වූහ. ඒ මින් පෙර කිසිම ආධාරයක් පොදු වැඩකට නොදුන් නිසාය. 02 December 2025
ආධාර එකතු කරන්න ගිහින් හතර අතේ දුවලා ගං වතුරෙන් හා නාය යෑමෙන් අවතැන්වූවන්ට වතුර බෝතල් මිලදී ගැනීමට ආධාර එකතු කරමින් තරුණයින් සිව් දෙනෙකුට සිව් දෙසට දුවන්න ගම්මුන් දුන් අපූරු දඬුවමක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 01 December 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026