අවුරුදු දෙකක උපන් නිවුන්නු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවක නිවුන්නු දරුවන් බිහි කළ අතර, දරු දෙදෙනා උපන් දිනය වසර දෙකකට යෙදීම සුවිශේෂී සිදුවීමක් විය. 05 January 2022
’ඔමික්‍රොන්’ පෙනහළුවලට කරන බලපෑම අඩුයි ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය සෙසු විකෘති මෙන් බරපතල රෝගාබාධ ඇති නොකරන්නේ එය පෙනහළුවලට බලපෑමක් නොකරන නිසා යැයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් අනාවරණය කර තිබේ. 05 January 2022
චිලී සත්වෝද්‍යානයේ සතුන්ට දෙවැනි මාත්‍රාව චිලී රටේ සැන්ටියේගෝ නුවර බුනිං සත්වෝද්‍යානයේ සිටින දුර්ලභ ගණයේ ක්ෂීරපායීන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව අද (4) සිය ලබා දීම ආරම්භ විය. 04 January 2022
දිල්ලි මහ ඇමැතිට කොරෝනා නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව හඳුනා ගැණුනි. 04 January 2022
බඩේ ලෙඩේ වැඩිවෙලා බ්‍රසීල ජනපති රෝහලේ උදරයේ ආබාධ තත්ත්වය යළි මතුවීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ යළි රෝහල්ගත කළ බවත්, ඔහුට යළිත් වරක් සැත්කමකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි. 04 January 2022
හයිටි අගමැති මරන්න හදලා හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඝාතනය කිරීමට තුවක්කුකරුවන් පිරිසක් උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. හයිටි නිදහස් දිනය ට යෙදී තිබුණු අතර, නිදහස් දිනය වෙනුවෙන් හයිටියේ උතුරු දෙසින් පිහිටි ගොනයිවිස් නමැති නගරයේ දෙව්මැදුරක විශේෂ දේව මෙහෙයකට සහභාගී වී සිටිද්දී, ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. 04 January 2022
දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුව යළි ඇවිළෙයි දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයට අයත් ප්‍රධාන පැරැණි ගොඩනැගිල්ලේ යළිත් වරක් ගින්නක් හටගත්තේය. 04 January 2022
ඉම්රාන් ඛාන්ගේ පරණ බිරිඳගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇත. 03 January 2022
රටවල් එකමුතු වුණොත් කොරෝනා පැරදිය හැකියි මෙම 2022 වසරේ ‘කොවිඩ් 19’ වසංගතයෙන් මිදීමට හැකිවන්නේ, ලෝකය එකමුතු වී කටයුතු කළහොත් පමණක් බව තමන්ගේ විශ්වාසය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් කියයි. 03 January 2022
ඉන්දියාවේ දරුවන්ට එන්නත් දීම ඇරැඹේ ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අද සිට ආරම්භ විය. 03 January 2022
සුඩාන අගමැති හැම්ඩොක් ධුරයෙන් ඉවත් වෙයි සුඩාන අග්‍රාමාත්‍ය අබ්ඩාලා හැම්ඩොක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, තමන් අපේක්ෂා කරන අන්දමින් තමන්ට රටට නායකත්වය ලබා දීම කළ නොහැකි බව පෙන්වා දෙමිනි. 03 January 2022
ඇමෙරිකන් ආරක්ෂක ලේකම්ට කොවිඩ් ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 03 January 2022
ඇෆ්ගන් වැසියන්ට ඉන්දියාවෙන් එන්නත් මානුෂිය ආධාර යටතේ ඉන්දීය රජය, අසල්වැසි ඇෆ්ගනිස්තානයට ’කොවිඩ්19’ එන්නත් පන්ලක්ෂයක් පරිත්‍යාග කර ඇතැයි වාර්තා වේ. 02 January 2022
රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ ආධාර අහිමි වෙයි ඉන්දියාවේ ක්‍රියාත්මක, රාජ්‍ය නොවන සංවිධාන 12,000 කට විදේශ ආධාර ලබා ගැනීම සඳහා පැවැති බලපත්‍ර යළි අලුත් නොකිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය පියවර ගැනීමත් සමග, එම බලපත්‍ර අහෝසි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. 02 January 2022
දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගින්නක් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ ගින්නක් හටගත්තේය. 02 January 2022
කාන්තාවන්ට හිරිහැර කිරීම දෙවියන්ට අපහාසයක් කාන්තාවන්ට හිරිහැර කිරීම, දෙවියන් වහන්සේට කරන අපහාසයක් යැයි නව අවුරුදු උදාව සමරමින් පැවැති දේව මෙහෙයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පෙන්වා දුන්නේය. 01 January 2022
ඉන්දීය කෝවිලක තෙරපීමකින් 12 ක් මරුට ඉන්දු කාශ්මීරයේ හින්දු කෝවිලක බැතිමතුන් අතරේ සිදුවුණු තෙරපීමකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් අල් ජසීරා පුවත් සේවය පවසයි. 01 January 2022
ලෝ වැසියෝ 2022 පිළිගනිති ! ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ තර්ජන පැවැතියත්, ලොව ප්‍රධාන නගර රැසක ඉතා උත්කර්ශවත් අන්දමින් 2022 නව අවුරුදු උදාව පිළිගැණුනි. 01 January 2022
ඔමික්‍රෝන්වලින් බේරෙන්න N95 මාස්ක් සුදුසුයි ඉතා වේගයෙන් දරුණු ලෙස ව්‍යාප්තවන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියෙන් ආරක්ෂා වීමට N95 මාස්ක් පැලදීම වඩාත් යෝග්‍ය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත. 31 December 2021
හිටපු ජනාධිපති නවාස් ෂරීෆ් ගේ උපදේශක අත්අඩංගුවට පෙෂාවෝර් මහාධිකරණය, පාකිස්තානයේ හිටපු ජනාධිපති නවාස් ෂරීෆ් ගේ උපදේශකවරයකු වන අමීර් මුඛාම් අත්අඩංගුවටට ගැනීම ප්‍රමාද කර ඇත. 30 December 2021
ඉම්රාන්ගේ ආණ්ඩුව ඉක්මනින් වැටෙනවා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්රමුඛ ආණ්ඩුව ගෙදර නොයැව්වත් ඉක්මනින් කඩා වැටෙනු ඇතැයි පාකිස්තානයේ ‘පාකිස්තාන් මුස්ලිම් ලීග් - නවාස්’ පක්ෂයේ සභාපති ෂබාස් ෂරීෆ් ඉකුත් දා පැවැසීය. 30 December 2021
මගේ දියණියට එන්නත් දෙන්නේ නෑ බ්‍රසීලයේ අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට එරට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති නමුත්, තමන් කිසිම අවස්ථාවක තම දියණියට ‘කොවිඩ් 19’ සඳහා එන්නත් ලබා නොදෙන බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරනෝ කියයි. 30 December 2021
කොරෝනා උපන් ගමට යළි කොරෝනා ‘කොවිඩ් 19’ ආරම්භය සිදුවුණු චීනයේ වූහාන් නුවරින් යළිත් වරක් ‘වයිරස නිව්මෝනියා’ රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇති බවත්, මෙසේ ‘වයිරස නිව්මෝනියා’ රෝගීන් වූහාන් නුවරින් වාර්තා වූයේ වසර දෙකකට පසුව බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 30 December 2021
‘ඔමික්‍රෝන්‘ කලින් දුටු වයිරසය නොවෙයි වසරකට කලින් ලෝකයට බලපෑම් කළ ‘කොවිඩ් 19‘ වයිරසය සහ එහි විකෘති ප්‍රභේද මෙන් නොව, ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් අසාමාන්‍ය, වේගයෙන් ව්‍යාප්තවන බිහිසුණු විකෘති ප්‍රභේදයක් බවත් එය සුළුවෙන් තැකිය නොහැකි විකෘතියක් බවත් බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පැහැදිලි කරති. 30 December 2021
චීනයේ ‘සියැං’ නගරයේ ‘කොවිඞ්’ ඔඩුදුවයි චීනයේ ලොක්ඩවුන් කළ ‘සියැං‘ නගරයෙන් නව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 155 දෙනකු වාර්තා වූ බවත්, මෙම 2021 වසරේ චීනයේ එක් නගරයකින් එක් දිනක් තුළ වැඩිම අසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව එය බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 30 December 2021
අප්‍රිකා රටවලට පැනැවූ තහංචි ඉවත් කෙරේ ’ඔමික්‍රෝන්’ විකෘතිය හේතුවෙන් අප්‍රිකා රටවලට සංචාරකයන්ට පනවා තිබූ තහංචි ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් රජය තීරණය කර තිබේ. 29 December 2021
ඉන්දියානුවන්ටත් අලුත් එන්නත් රැසක් නව වසරේ, ඉන්දියානුවන්ට නව මාදිලියේ ’කොවිඩ් 19’ එන්නත් කීපයක් හඳුන්වා දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 29 December 2021
තෙරේසා මවුතුමියගේ පුණ්‍යායතනයට තහංචි අසරණ සරණ වෙනුවෙන්, තරේසා මවුතුමිය විසින් පිහිටුවනු ලැබූ ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ බැංකු ගිණුම් අත්හිටුවීමටත් විදේශවලින් ලැබෙන අරමුදල් නැවැත්වීමටත් ඉන්දීය රජය පියවර ගෙන ඇත. ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනය ක්‍රියාත්මක වන්නේ කතෝලික සභාව යටතේය. 28 December 2021
ඉන්දියානුවන්ට තවත් අලුත් එන්නතක් ඉන්දියාවේ නිපදවන ‘කොර්බෙවැක්ස්’ නමැති ‘කොවිඩ්19‘ ප්‍රතිශක්තිකරණ එන්නතට ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ. 28 December 2021
ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් මරණය ඕස්ට්‍රේලියාවෙන් පළමු ‘ඔමික්‍රෝන්’ මරණය වාර්තා විය. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවමින් පවසා ඇත්තේ මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් වේගයෙන් ඕස්ට්‍රේලියානු සමාජයේ ව්‍යාප්ත වෙමින් පවතින බවය. 27 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026