
රුසියන් යුක්රේන යුද්ධයේදී කිසිම රටකට ජයග්‍රහණයක් හිමි නොවන බව යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ජර්මනියට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ පෙන්වා දුන්නේ, ජර්මන් චාන්සල් ඕලාෆ් ෂෝලේස් සමඟ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය. ඉන්දියාව සාමයට සහාය දක්වන බවත්, රුසියන් යුක්රේන යුද්ධය හැකි ඉක්මනින් අවසන් කළ යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
'රුසියන් යුක්රේන යුද්ධයට රුසියාව සහ යුක්රේනය පමණක් නොවෙයි තවත් රටවල් බොහොමයක් සම්බන්ධයි. ඒත් මා කියන්න ඕනෑ යුද්ධයෙන් කිසිදු පාර්ශ්වයකට ජයග්‍රහණයක් හිමිවන්නේ නැහැ. එහෙයින් සාම සාකච්ඡා හරහා අර්බුදය විසඳා ගැනීම කළ යුතු වෙනවා' යැයි අග්‍රාමාත්‍ය මෝදි මාධ්‍ය හමුවේදී පැහැදිලි කළ විට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝලේස් එය අනුමත කළේය.
'රුසියන් යුක්රේන යුද්ධය අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවත්, එම අර්බුද ලෝකයට විශාල වශයෙන් බලපෑම් එල්ල කරමින් පවතින බවත් ජර්මන් චාන්සල්වරයා පවසා ඇත. සෑම රටකට ස්වෛරීත්වයට ගරු කළ යුතු යැයි ද ජර්මන් චාන්සලර්වරයා මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජර්මනියට ගොස් ජර්මන් චාන්සල්වරයා ඕලාෆ් ෂෝලේස් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි. රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව, ඉන්දියාවත් ජර්මනියත් අතර ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
ඩොලර් බිලියන 10.5 ක පරිසර හිතකාමී ආයෝජන රැසකට රාජ්‍ය නායකයන් දෙදෙනා අත්සන් කළ බව ද වාර්තා වේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් සහ ජර්මන් විදේශ අමැතිනිය ඇනලේනා බෙර්බොක් ද එම සාකච්ඡා සඳහා සහභාගී වවාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් යුක්රේන යුද්ධයෙන් කාටවත් දිනුමක් නෑ