
රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සූදානම් බව වතිකානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
වතිකානය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, තමන් මොස්කව් බලා පැමිණීමට සූදානම් යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දන්වා ඇති බවය.
රුසියාව යුක්රේනය කළේ පසුගිය පෙබරවාරි 25 වැනිදාය. එම අවස්ථාවේ පාප්තුමන් කඩිනමින්, රෝමයේ රුසියන් තානාපති කාර්යාලයට ගොස් රුසියන් තානාපති හමුවී අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීය.
යුද්ධයකට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගන්නා ලෙස පාප්තුමන් පුටින්ට එම අවස්ථාවේදී ද දැනුම් දීමක් කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd