IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ජොන්සන් යුක්රේන පාර්ලිමේන්තුව අමතයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුක්රේන පාර්ලිමේන්තුව ඇමැතුවේය.

රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින යුක්රේන හමුදාවට පවුම් මිලියන 300 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 376) වටිනා යුදෝපකරණ ලබා දීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එම අවස්ථාවේදී පොරොන්දුවක් ලබා දුන්නේය.

රුසියන් ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු, යුක්රේන පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ පළමු විදෙස් රාජ්‍ය නායකයා වන්නේ ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.

රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන හමුදා සොල්දාදුවන්ගේත්, සිවිල් වැසියන්ගේත් ධෛර්යය සහ වීරත්වය ඇගයීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පියවර ගත්තේය.

රුසියන් හමුදාවලට එරෙහිව සටන් වදින යුක්රේන වැසියන් ‘සිංහයන්’ ලෙස හැඳින්වීමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.

දෙවැනි ලෝක යුද සමයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ වින්ස්යන් චර්චිල් 1940 දී ලෝකය අමතා කළ කථාවෙන් කොටස් උපුටා ගැනීමට පවා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් කටයුතු කළ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මීට සති කීපයකට පෙර බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්, යුක්රේනයේ කීව් අගනුවරට පැමිණ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

අග්‍රාමාක්‍ය ජොන්සන්, කීව් අගනුවරට පැමිණියේ බ්‍රිතාන්‍යයේ සහාය යුක්රේනයට හිමිවන බව තහවුරු කරමිණි.

රුසියන් ප්‍රහාරවලින් සිදුවන හානිය නිරීක්ෂණය කිරීමටත්, රුසියන් ප්‍රහාර හේතුවෙන් සිදුවන මානුෂීය කටයුතු සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ අවධානය යොමු විය.

(රොයිටර්)



අදහස් (0)

ජොන්සන් යුක්රේන පාර්ලිමේන්තුව අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 312 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 661 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site