IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෞදියෙන් මුදල් ආධාර

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානයට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 8 ක මූල්‍ය පැකේජයක් ලබා දීමට සෞදි අරාබි රාජ්‍ය කැමැත්ත පළ කර ඇත.

පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ සෞදි අරාබි සංචාරය අතරතුර පකිස්තානය වෙනුවෙන් මෙසේ  ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මූල්‍ය පැකේජයක්  සුරක්ෂිත කරගැනීමට හැකි වූ ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ගේ පළමු නිල සංචාරය මෙය වේ.

සෞදි අරාබි රාජ්‍ය ලබා දෙන ඩොලර් බිලියන 8 ක මුල්‍ය පැකේජයට ඉන්ධන සඳහා මුල්‍ය පහසුකමක් ද ,තැන්පතු හෝ බැඳුම්කර ස්වරූපයෙන් ලබා දෙන ණය මුදලක්ද ඇතුළත් වේ.

එසේම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදී සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත.ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවය.

සෞදි අරාබි රාජ්‍ය විසින් පකිස්තානයට බොරතෙල් සහ අනිකුත් ඛනිජ තෙල් නිශ්පාදන තවදුරටත් සැපයීම සඳහා එකඟත්වය පළ කර ඇත.
ඉම්රාන් ඛාන් අගමැති ධුරය දරණ අවස්ථාවේ වසරක කාලයක් සඳහා ලබා දුන් ඇමෙරිකානු  ඩොලර් බිලියන 4.2 ක මුල්‍ය පැකේජය මෙසේ ඇමෙරිකානු  ඩොලර් බිලියන 8 ක් දක්වා වැඩි කර ඇත.හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට  ලබාදුන් ඩොලර් බිලියන 1.2 ක ඉන්ධන මුල්‍ය පහසුකම මෙම අවස්ථාවේ ඩොලර් බිලියන 2.4 ක් දක්වා වැඩි කර ඇත.

සෞදි අරාබි සංචාරය අවසානයේ  අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සහ නියෝජිත පිරිස ඉස්ලාමාබාද් නුවර බලා පිටත්ව ගොස් ඇති අතර මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මේල් වැඩි කරන ලද  මූල්‍ය පැකේජය ලබා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කිරීම සඳහා සෞදි අරාබියේ නතර වී ඇත.අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සහ නියෝජිත පිරිස ඉස්ලාමාබාද් නුවර බලා පැමිණෙන අවස්ථාවේ කෙටි වෙලාවකට අබුඩාබි නුවරට ගොස් ඇති අතර  එහිදී එක්සත් අරාබි රාජ්‍යයේ මොහමඩ් බින් සයෙඩ් කුමරු මුණ ගැසී ඇත.

(රොයිටර්)



අදහස් (0)

සෞදියෙන් මුදල් ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site