
යුරෝපා සංචාරයක නියැලෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඩෙන්මාර්කගේ කෝපන්හේගන් නුවරට ගිය අවස්ථාවේදී ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මැටේ ෆෙඩ්රික්සන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ පසු රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද මෝදි සහ මැටේ ෆෙඩ්රික්සන් අතරේ සාකච්ඡා කෙරුණි. ඉන්පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.
ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි ඇයත් සමඟ ඩෙන්මාර්කයේ මාගරෙත් රුජින සහ රජ පවුලේ සාමාජිකයන් හමුවීමට ද ගියේය. අමාලියෙන්බෝග් මාලිගයේ රජ පවුලේ සාමාජිකයන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.
අද (4) දිනයේ ඉන්දියා-නෝඩික්’ සමුළුව අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. නෝර්ඩික් රටවල් වන ස්වීඩනය, අයර්ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය සහ අයිස්ලන්තය එම සමුළුවට එක් වනු ඇත.
’ඉන්දු නෝර්ඩික්’ සමුළුවක් පළමු වරට පැවැත්වූයේ 2018 වසරේදීය. අද (4) දිනයේ පැවැත්වෙන්නේ දෙවැනි සමුළුවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd