දින 10 ක් තිස්සේ උමඟ ඇතුළේ සිරවෙලා
ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදි කෙරෙමින් තිබූ උමං මාර්ගයක් කඩා වැටී, දින 10 ක් තිස්සේ, ඒ තුළ සිර වී සිටින කම්කරුවන් 41 ක් දෙනා බේරා ගැනීමට, තවමත් හැකියාවක් ලැබී නැති බවත්, නිරුපද්‍රිතව සිටින එම පිරිස කෙසේ හෝ මුදා ගැනීමට පියවර ගන්නා බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.