
ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක තමන් තම ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් සමඟ විවාදයකට සූදානම් යැයි එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මේ වනවිට ඇමෙරිකාවේ මූලික ඡන්ද විමසුම්වලින්, ඇමෙරිකන් ජනාපධිතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස ඉදිරියට පැමිණ සිටින්නේ වත්මන් ජනපති බයිඩන් සහ හිටපු ජනපති ට්‍රම්ප්ය. නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයට පෙර, ප්‍රධාන අපේක්ෂකයන් අතරේ සජීවී විවාද පැවැත්වීම ඇමෙරිකන් දේශපාලනයේ සිදුවන්නකි.
‘මා සූදානම් ඩයිඩන් සමඟ වාද කරන්න. ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම දවසක’ යැයි ට්‍රම්ප්, ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘ටෲත් සෝෂල්’ නමැති සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පවසා තිබේ. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd