
ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක තමන් තම ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් සමඟ විවාදයකට සූදානම් යැයි එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මේ වනවිට ඇමෙරිකාවේ මූලික ඡන්ද විමසුම්වලින්, ඇමෙරිකන් ජනාපධිතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස ඉදිරියට පැමිණ සිටින්නේ වත්මන් ජනපති බයිඩන් සහ හිටපු ජනපති ට්‍රම්ප්ය. නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයට පෙර, ප්‍රධාන අපේක්ෂකයන් අතරේ සජීවී විවාද පැවැත්වීම ඇමෙරිකන් දේශපාලනයේ සිදුවන්නකි.
‘මා සූදානම් ඩයිඩන් සමඟ වාද කරන්න. ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම දවසක’ යැයි ට්‍රම්ප්, ඔහු විසින් පිහිටුවනු ලැබූ ‘ටෲත් සෝෂල්’ නමැති සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පවසා තිබේ. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕනෑම වෙලාවක බයිඩන් එක්ක විවාදයට සූදානම් - ට්‍රම්ප් කියයි