සටන් විරාමය දීර්ඝ කරන්න හමාස් කැමතියි ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ආරම්භ වුණු තාවකාලික මානුෂීය සටන් විරාමය, තවත් දින දෙකක් දීර්ඝ කිරීමට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි කටාර් රාජ්‍යය පවසයි. 28 November 2023
ඊශ්‍රායල අගමැති ගාසා සටන් බිමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයට ගොස්, එහි රැඳී සිටින ඊශ්‍රායල හමුදා සෙබළුන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවේය. 27 November 2023
උමගේ සිරවූවන් බේරා ගන්න හමුදාව එයි දින 16 ක් තිස්සේ ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක් තුළ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීම තවත් කල් යනු ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. 27 November 2023
මැලේසියාවේ ඉන්දීය සංචාරකයන්ට සහනයක් මැලේසියා රජය, එරට සිටින ඉන්දීය සංචාරකයන්ට දෙසැම්බර් පළමු වැනිදා සිට වීසා රහිතව, දින 30 ක කාලයක් රැඳී සිටීමට අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 27 November 2023
සටන් විරාමය හෙට අවසන් කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් සිවු දින තාවකාලික සටන් විරාමය, හෙට (28) අවසන් වීමට නියමිතය. 27 November 2023
අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලේ අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගැනීමට ’ෂ්මිත්’ සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ, ගෞතමාලාවට ඔබ්බෙන් සාගර පතුල නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරද්දීය. 26 November 2023
ලොව ලොකුම අයිස් කන්ද කැඩිලා පාවෙනවා ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයෝ නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි. 26 November 2023
දින 50 කට පසු ආපසු ආ පුංචි කෙල්ල හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ දින 50 ක් සිටි 9 හැවිරිදි අයර්ලන්ත ජාතික දැරියක ද නිදහස ලබා සිටී. ඇය එමලි හෑන්ඩ් ය. 26 November 2023
කේරළයේ විශ්ව විද්‍යාලයක තේරපීමක් කේරළයේ කෝචිං විද්‍යා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිදුවුණු තෙරපීමකින් සිසුන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 64 කි. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි. 26 November 2023
ඉලොන් මස්ක් ඊශ්‍රායලයට ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් හමුවීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. 26 November 2023
මෝදි ජෙට් යානයකට නැගලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බෙංගලූරු හින්දුස්ථාන් එරොනොටික්ස් ඉන්ජිනේරු සමාගමට ගොස්, ඉන්දීය ගුවන් හමුදාව සඳහා ’තේජා’ නමැති ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදනය කරන අයුරු නිරික්ෂණය කළේය. 26 November 2023
කරච්චි නුවර ගින්නක් පාකිස්තානයේ කරච්චි නුවර සුපිරි වෙළෙද සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 9ක් ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 25 November 2023
හොඳ ආරම්භයක් - බයිඩන් ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර එකඟතාවක් ඇති කර ගැනීම සහ හමාස් අත්අඩංගුවේ පසුවුණු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 24 දෙනකුට නිදහස හිමිවීම සුබවාදී ආරම්භයක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 25 November 2023
ප්‍රාණ ඇපයේ සිටි 24 කට නිදහස කටාර් රාජ්‍යය මැදිහත් වී ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව, අද (25) දින හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 24 දෙනකුට නිදහස හිමිවිය. 25 November 2023
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියාට පිහි ප්‍රහාරයක් 2020 වසරේ දී, ලොව පුරා මහත් ආන්දෝලනයක් කළ, ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතික ඇමෙරිකානුවා ඝාතනය කළ, මේ වනවිට බන්ධනාගාරගතව සිරදඩුවම් විදින සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරෙක් චෞවින්, බන්ධනාගාරයේ දී පිහි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 25 November 2023
ස්පාඤ්ඤ අගමැති නෙදන්යාහු හමුවෙයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චේස්, ඊශ්‍රායලයේ, ජෙරුසලමට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය. එම සාකච්ඡාවලට බඳුන් වූයේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයයි. 24 November 2023
නිව්මෝනියා රෝගීන් ගැන චීනය කරුණු දක්වයි නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කිරීමක් කර තිබේ. 24 November 2023
ඩබ්ලිං නුවර ප්රචණ්ඩ ක්‍රියා අයර්ලන්තයේ ඩබ්ලිං නුවර, කලහකාරී තත්ත්වයක් වාර්තා වෙයි. කලහකාරී පිරිස් මෝටර් රථවලට ගිනි තබමින්, ප්රචණ්ඩ ක්‍රියාවල නියැලෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. 24 November 2023
ඉරාන විදේශ ඇමැති හිස්බුල්ලා නායකයා හමුවෙයි ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමිරාබ්දුල්ලහීන් ඇතුළු ඉරාන රජයේ නියෝජිත කණ්ඩායමක් සහ ලෙබනනයේ හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා අතරේ හමුවක් ලෙබනනයේ බේරූට් අගනුවරදී පැවැත්විණි. 24 November 2023
සිරවුණු කම්කරුවන් මුදා ගැනීම අවසන් අදියරේ උතුරු ඉන්දියාවේ, උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක කොටසක් කඩා වැටී, ඒ තුළ සිරවුණු ඉදිකිරීම් කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම්, මේ වනවිට අවසන් අදියරට ළං වී ඇතැයි දිවිගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. 24 November 2023
නවසීලන්තයට සන්ධාන රජයක් නවසීලන්ත මහ මැතිවරණයෙන් වැඩි ආසන දිනාගත් මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂය, නව රජයක් පිහිටුවීමට කටයුතු කර තිබේ. ඒ, ඔවුන්ට හිතවත්, දක්ෂිණාංශික පක්ෂ දෙකක් හවුල් කර ගනිමිනි. 24 November 2023
ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. 24 November 2023
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට අද නිදහස කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකර ගත් එකඟතාව, අද (24) ඊශ්‍රායලයේ වේලාවෙන් උදෑසන 7 ට ක්‍රියාත්මක වීමට නියමිතය. 24 November 2023
ප්‍රාණ ඇපකරුවන්ට හෙට නිදහස ? හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් හෙට (24) දිනයේ නිදහස ලබනු ඇතැයි විශ්වාස කෙරේ. හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ඊශ්‍රායල වැසියෝ 240 ක් පමණ සිටියහ. 23 November 2023
ඔත්තු බලන්න උතුරු කොරියාවට රුසියන් සහාය උතුරු කොරියාව පසුගිය දා පළමු වරට ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක්, ඉතා සාර්ථකව ලෙස කක්ෂගත කළේය. දකුණු කොරියානු බුද්ධි අංශ උපුටා දක්වමින් දකුණු කොරියානු රජය පෙන්වා දී ඇත්තේ, උතුරු කොරියානුවන් එම ’හපන්කම’ කළේ රුසියාවේ සහාය ඇතිව බවය. 23 November 2023
චීනයෙන් තවත් වසංගතයක් ? නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. 23 November 2023
සිවු දින සටන් විරාමයකට කැමැත්ත ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. 22 November 2023
ඊශ්‍රායලයේ කැමැත්ත තවම නෑ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් කිරීමට, කටාර් රාජ්‍යය මැදිහත් වී සකස් කළ යෝජනාවට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇති බවත්, ඊශ්‍රායලය ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට නියමිත බවත් කටාර් විදේශ අමාත්‍ය මජිද් අල් අන්සාරි පවසයි. 22 November 2023
ඊශ්‍රායල සබඳතා නවත්වන්න දකුණු අප්‍රිකාව සූදානම් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට දකුණු අප්‍රිකා ජනාපධිති සිරිල් රැම්පෝසාගේ රජය තීරණය කර තිබේ. 22 November 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026