
ජපාන පෞද්ගලික සමාගමක්, පළමු වරට, චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය.
‘ස්පේස් වන්’ නමින් නම් කළ එම චන්ද්‍රිකාව, උඩු ගුවනට යැවීමට සැලැසුම් කර තිබුණේ ජපානයේම නිෂ්පාදිත ‘කරියෝස්’ නමින් නම් කළ රොකට්ටුයේ ආධාරයෙනි.
මීටර් 18 ක් දිග මෙම රොකට්ටුව බටහිර ජපානයේ වකයාමා පළාතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට සැලැසුම් කර තිබුණි. රොකට්ටුව පුපුරා ගියේ, එය ගුවන්ගත වී මිනිත්තු කීපයක් යද්දීය. ඒ සමඟ රොකට්ටුව තුළ වූ චන්ද්‍රිකාව ද විනාශ විය.
ජපාන අභ්‍යවකාශ ආයතනයේ මැදිහත් වීමෙන් රොකට්ටුව ගුවන්ගත කෙරෙද්දී, එය එන්.එච්.කේ. ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. රොකට්ටුව පුපුරා යන අයුරුද සජීවීව දකින්න ලැබුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd