
පාකිස්තාන හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරි, යළිත් එරට ජනාධිපති ධුරයට පත්විය. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම කළේ පාර්ලිමේන්තුවය.
අසීෆ් අලී සර්දාරි යනු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන ඝාතනයට ලක්වුණු බෙනාසීර් බූතෝගේ සැමියාය.
පසුගිය දා පාකිස්තාන මහ මැතිවරණයට පාකිස්තාන ජනතා පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ බිලාවල් බූතෝගේ පියාය.
කිසිදු පක්ෂයකට බහුතරය නොමැති බැවින් මේ වනවිට පාකිස්තානයේ ඇත්තේ සන්ධාන රජයකි. සන්ධාන රජය පිහිටුවනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ‘මුස්ලිම් ලීගය එන්’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ එක් වෙමිනි.
අසීෆ් අලී සර්දාරි, යළිත් එරට ජනාධිපති ධුරයට පත් කර ගැනීම සම්බන්ධයෙන්, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නියෝජනය කරන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ විරෝධය එල්ල වී ඇත.
පාකිස්තානයේ ප්‍රධාන නගර රැසක විරෝධතා පවා පැවැත්වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd