
දමිළ සිනමාවේ ජනප්‍රිය නළු අජිත් කුමාර් හදිසියේ රෝහල්ගත කර ඇතැයි පැවැසෙයි. අජිත් කුමාර් ඇතුළත් කෙරුණේ චෙන්නායි ඇපලෝ රෝහලටය.
වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය පරීක්ෂණ කීපයක් සඳහා අජිත් කුමාර් මෙසේ රෝහල්ගත කළේ යැයි ද පැවැසෙයි. අජිත් කුමාර්ගේ නවතම චිත්‍රපටය ‘විදාමුයාචී’ ය.
චිත්‍රපටයේ රූගත කිරීම් අසර්බයිජානයේ සිදු කෙරුණු අතර, අවසන් රූගත කිරීම් සිදු කිරීමට නියමිත ජෝර්ජියාවේය.
52 හැවිරිදි අජිත් කුමාර් දමිළ සිනමාවේ අසහාය චරිතයකි. සම්මානනීය නළුවෙකි. ඔහු චිත්‍රපට 61 කට වැඩි ගණනකට රංගනයෙන් දායක වී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd