
රට මුහුණ දෙන ආර්ථික අභියෝග සැලකිල්ලට ගනිමින්, පාකිස්තාන නව ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇත.
රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ජනාධිපති සර්දාරි මෙම තීරණය ගත් බව, පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම කමන් තීරණය කළ බවත්, එහෙයින් ජනාධිපතිවරයාට හිමි වැටුප බාර නොගැනීමට තීරණය කළ බවත් සර්දාරි පවසා ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී ඇත.
ජනධිපතිවරයාගේ මෙම තීරණයට සහාය පළ කිරීමක් වශයෙන් අලුතින් දිවුරුම් දුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර තිබේ.
අසීෆ් අලී සර්දාරි ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරියක වන බෙනාසීර් බූතෝගේ සැමියාය. ඔහු ජනාධිපති ධුරයට පත්වුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර සර්දාරි පාකිස්තාන ජනාධිපති ධුරය හෙබවූයේ 2008 සිට 2013 තෙක් කාලයේය.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනාධිපති වැටුප එපා: අසීෆ් අලී සර්දාරි කියයි
Akila Wednesday, 13 March 2024 01:58 PM
අපේ උන්දැටත් අඩුම ගානේ වැටුප නැතත් පිටරට සවාරි වලටවත් එයාගේ අතින් වියදම් කරගෙන යන්න කියමු..
Sanath DubaiWednesday, 13 March 2024 05:49 PM
මෙයාගේ පැටිකිරිය දන්නේ නැද්ද? කලින් වතාවේ ජනාධිපතිකමේ ඉන්නකොට හොඳට හම්බකර ගත්තා. ඒවා ඔක්කෝම ඩුබායිවල තැන්පත් කරලා තියෙන්නේ...!
රංබොඩ Wednesday, 13 March 2024 02:13 PM
මෙව්වා අහලා අපේ ලොක්කොත් පඩි එපා කියයිද දන්නේ නෑ. පව් එහෙම වුණොත්... සමුර්ධි සහනාධාරවත් ලබාදෙන්න ඕනෑ.
Eranga Wednesday, 13 March 2024 02:18 PM
ජනාධිපති වැය සැලකිය යුතු ලෙස අවම කරමින්, මන්දිරය ද එපා කියමින්, පරිවාර රථ නොමැතිව නිල රාජ්‍ය ගමන් බිමන්වල යමින් පුර්වාදර්ශයක් දුන් අපගේ හිටපු ජනපති අපේ ඊනියා සිස්ටම් චේන්ජ් කාරයින් විසින් එළවා ගත්තා. ඔහුගේ අනුප්‍රාප්තිකයාට ද ඉන්න හිටින්න නිවසක් නොමැති තත්වයක් ඇති කිරීමට එම ඊනියා අරගල ත්‍රස්තයින් කටයුතු කළේය. දැන් අකුදී නමින් පෙනී සිටින බොරුකාරයකු දියසේන කුමරාට වෙස් බැඳගෙන පැමිණේ යයි ඇඟිලි ගනිමින් සිටිමින් සිහින ලොවක ජීවත්වෙමු...
fairoosWednesday, 13 March 2024 03:46 PM
කවුද අප්පා ඒ? අනේ මන්දා මෙහෙමත් අය ඉන්නවානේ..!
ranjith Wednesday, 13 March 2024 03:05 PM
ඒකට අපේ උන්දැලා තව රට සවාරි යන්න අමතර ප්‍රතිපාදන අනුමත කර ගන්නවා.
sam Thursday, 14 March 2024 08:11 AM
හනේ, අපේ කෙනත් එහෙමම තමයි... වතුර එක ගේන්නෙත් ගෙදරින්. ඒ තරම්ම හොඳයි. ජනතාවටයි, රටටයි ආදරේ...