
අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුරේ, එම ගුවන් යානය පියාසර කරමින් සිටි නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
මෙසේ නින්ද ගොස් ඇත්තේ ඉන්දුනීසියාවේ ජනප්‍රිය ගුවන් සේවයක් ලෙස සැලකෙන 'බතික් එයාර්' ගුවන් සේවයට අයත් එයාර් බස් ‘ඒ 320’ වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනකුටය.
එම අවස්ථාවේදී යානය, ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ගුවන්තොටුපොළේ සිට ජාකර්තා අගනුවර ගුවන්තොටුපොළට තෙක් පියසර කරමින් තිබුණි. නියමුවන් දෙදෙනා ද සමඟ යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 153 දෙනකු සිට ඇත.
නියමුවන්ට නින්ද යෑමෙන් යානය, සුළු වේලාවකට, නියමිත ගමන් මාර්ගය මඟ හැර වෙනත් දිසාවකට පියාසර කර ඇත.
කෙසේ නමුත්, නියමු පාලන කුටියේ අනතුරු නළා නාද වීමත් සමඟ වහා අවදි වූ නියමුවෝ, යානය නියමිත දිශාවට පියාසර කරවීමටත්, ඉන්පසු එය ජාකර්තා ගුවන්තොටුපොළට ගොඩබෑමටත් සමත් වූහ.
පසුගිය ජනවාරියේ සිදුවුණු මෙමප සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වුණු අතර, ඉන්දුනීසියා මාධ්‍ය මෙම සිද්ධිය පිළිබඳ අනාවරණය කළේ එම විමර්ශන අවසන් වීමෙන් අනතුරුවය.
විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ, 32 හැවිරිදි ප්‍රධාන නියමුවා යානය ගුවන් ගත වීමෙන් පැය භාගයකට පමණ පසු, සහායක නියමුවාට දන්වා ඇත්තේ තමන්ට විවේකය අවශ්‍ය බැවින් ගුවන් යානයේ පාලනය ගන්නා බාර ගන්නා ලෙසය.
සහාය නියමුවා ඊට අවනත වී ඇති නමුත් පසුව ඔහුට ද නින්ද ගොස් ඇත.
තම බිරිඳ, මාසයකට පමණ පෙර නිවුන් දරුවන් බිහි කළ බවත්, දරුවන් බලා ගැනීමට බිරිඳට සහාය පළ කළ බැවින් පසු දා තමන්ට හරිහැටි නින්දක් නොලැබුණු බවත්, තමන්ට නින්ද ගියේ ඒ නිසා බවත්, විමර්ශනයේ දී සහාව නියමුවා නිදහසට කරුණු දක්වා ඇත.
එසේ වුවත්, 'බතික් එයාර්' ගුවන් සේවය නියමුවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උඩින් යද්දී නියමුවන් නිදි
Guwan Niyamu Tuesday, 12 March 2024 04:30 AM
සහාය නියමුවා ඔටෝ පයිලට් සෙටින් එක ක්‍රියාත්මක කරලා නැද්ද?
Janindu Perera Tuesday, 12 March 2024 01:02 PM
Autopilot දාන්න නැතුව ඇති. ගුවන් ගමනකදි නියමුවන් නිදාගැනීම සාමාන්‍ය දෙයක්