
පාකිස්තානයේ නව ජනාධිපති ධුරය පාකිස්තාන ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අසීෆ් අල් සර්දාරිට හිමිවනු ඇතැයි පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහතික වී ඇත.
අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නව රජයක් පිහිටුවා ඇත්තේ, ඔහුගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සන්ධානගත කරමිණි. ඊට අමතරව, මෙම ප්‍රධාන පක්ෂ දෙකට සහාය දක්වන සෙසු කුඩා පක්ෂ ද මෙම සන්ධානයට එක් වී සිටී.
පසුගිය මැතිවරණයේ දී ‘පාකිස්තාන ජනතා පක්ෂය’ මෙහෙයවීම කළේ බිලාවල් බූතෝය. බිලාවල් බූතෝ යන ඝාතනයට ලක්වුණු පාකිස්තාන අග්‍රාමාත්‍ය බෙනසීර් බූතෝගේ පුත්‍රයාය.
අසීෆ් අලී සර්දාරි යනු බූතෝගේ සැමියා සහ බිලාවල්ගේ පියාය. අසීෆ් අලී සර්දාරි මීට පෙර ද පාකිස්තාන ජනාධිපති ධුරය හොබවා තිබේ. පාකිස්තාන ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදු කරන්නේ එරට පාර්ලිමේන්තුවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd