
පෘතුගාල පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට විපක්ෂ නායක මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන මතධාරී, ලුයිස් මොන්ටිනිග්රෝ ප්‍රමුඛ ‘ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ජයග්‍රහණය කළේය.
මේ වනතුරු පෘතුගාලයේ බලයේ සිටියේ සමාජවාදී පක්ෂයයි. පෘතුගාලයේ මහ මැතිවරණයක් පැවැත්වීමට හේතු වූයේ අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ඇන්තෝනියෝ කොස්ටා හදිසියෙන් ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණයයි.
ලුයිස් මොන්ටිනිග්රෝ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට අභියෝගයක් එල්ල වූයේ සමාජවාදී පක්ෂය සහ ඊට නායකත්වය දුන් නායකත්වය දෙමින්, පේද්‍රෝ සැන්ටෝස්ගෙනි.
කෙසේ නමුත් සැන්ටෝස් සහ සමාජවාදී පක්ෂ පරාජය කිරීමට, ලුයිස් මොන්ටිනිග්රෝ සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් සමත් විය. පෘතුගාල පාර්ලිමේන්තුවේ ආසන 230 කි. ‘ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ සහ ඊට හිතවාදී පක්ෂ දිනූ ආසන ගණන 77 කට වැඩිය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd