මාලදිවයින සහ චීනය අතරේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණි. මෙම ගිවිසුම යටතේ, චීනය, මාලදිවයිනට හමුදා ආධාර සැපැයීමට නියමිත බව පැවැසෙයි.

මෙම ආරක්ෂක ගිවිසුම හේතුවෙන්, මාලදිවයිනේ ස්වාධිපත්‍ය සම්පූර්ණයෙන් අවදානමට ලක් වී ඇති බවට මාලදිවයින විපක්ෂ දේශපාලන කණ්ඩායම්, මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට චෝදනා කර තිබේ. මොහොමද් මුයිසු ඉන්දියාවෙන් ඈත් වී, චීනයට වඩ වඩාත් ළං වීම සම්බන්ධයෙන් විපක්ෂයේ අප්‍රසාදය එල්ල වී ඇත.

(ඒ.එෆ්.පී.)