නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ ජනපති ධුර අපෙක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් ඉදිරිපත් වන ‘සුපර් ටියුස්ඬේ’ මූලික ඡන්ද විමසුම ආරම්භ වී ඇත.
මෙම ඡන්ද විමසුමේ දී, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අපේක්ෂකත්ව ජය තහවුරු වූ අතර, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමට සමත් වූයේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය.
‘සුපර් ටියුස්ඬේ’ ඡන්ද ප්‍රතිඵල අනුව, රිපබ්ලිකන් පක්ෂයේ බහුතර කැමැත්ත ට්‍රම්ප් බව තහවුරු වීමෙන් පසු, ට්‍රම්ප්ට යම්තාක් දුරට අභියෝගයක් වූ නිකී හේලි අපේක්ෂකත්ව සටනින් ඉවත් වනු ඇතැයි පැවැසෙයි.
‘සුපර් ටියුස්ඬේ’ මූලික ඡන්ද විමසුම පැවැත්වෙන්නේ, ජනාධිපතිවරණය පැවැත්වෙන වසරේ පෙබරවාරි හෝ මාර්තු මස අඟහරුවාදා දිනයේය. ‘සුපර් ටියුස්ඬේ’ යනුවෙන් මෙම මූලික ඡන්ද විමසුම හැඳින්වෙන්නේ ද ඒ නිසාය.
(ඒ.එෆ්.පී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සුපර් ටියුස්ඩේ ඇරැඹේ
ලුම්බිණි Wednesday, 06 March 2024 11:31 AM
ට්‍රම්ප් නොමිනේෂන් ගන්න එක හොඳටම පැහැදිලියි.