ප්‍රචණ්ඩ ක්‍රියා මැද හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර, ප්‍රධාන බන්ධනාගාරයේ රඳවියන් 4,000 ක් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

හයිටි යනු ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් අර්බුද රැසක මුහුණ පා සිටින රාජ්‍යයකි. 2021 වසරේ දී හයිටි ජනාධිපති ඝානතන වීමත් සමඟ රටේ අර්බුද උත්සන්න වී තිබේ.

හයිටියේ සන්නද්ධ අපරාධ කල්ලි බහුලය. අපරාධ කල්ලි සාමාජිකයන් අතරේ නිරන්තරයෙන් අවි ගැටුම් පවතී. පොලිස් නිලධාරීන් පවා අමු අමුවේ මරා දැමෙයි.

මේ වනවිට හයිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා පැවැත්වෙන්නේ, එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවන, අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රිට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමිනි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය හයිටි වැසියන් ගණන 12 කි.

(ඒ.එෆ්.පී.)