වේල්ස් කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් කුමරිය මාස දෙකකට පමණ පසු ප්‍රසිද්ධියේ දකින්න ලැබුණි.

42 හැවිරිදි කේට් මිඩ්ල්ටන් කුමරිය, පැපොරාසි කැමරා ශිල්පීන්ගේ ඇසට හසුවූයේ, වින්ඩ්සර් මාලිගය ඉදිරිපිටදීය. ඒ ඇය ඇගේ මව කැරොල් ද සමඟ මෝටර් රියකින් ගමන් කරමින් සිටිද්දීය.

කේට් මිඞ්ලිටන් කුමරිය පසුගිය දෙසැම්බරයේ රෝහල්ගත විය. ඒ වෛද්‍ය නිර්දේශ අනුව, ඇය උදරයේ සැත්කමකට ලක් විය යුතු බැවිනි.

තම බිරිඳ කේට් කුමරිය, දින 14 ක් රෝහල්ගතව සිටි බවත්, සැත්කම සාර්ථක වීමෙන් පසු ඇය වින්ඩ්සර් මාලිගයේ විවේක ගනිමින් සිටින බවත් ඔටුන්න හිමි වේල්සයේ කුමරු හෙවත් විලියම් කුමරු නිවේදනය කළේ පසුගිය ජනවාරි 17 වැනිදාය. විලියම් කුමරු, කේට් කුමරිය සහ ඔවුන්ගේ දරුවන්ගේ නිවහන වින්ඩ්සර් මාලිගයයි.