IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


යුක්රේන ජනපති අසලට රුසියන් මිසයිල ප්‍රහාරයක්

යුක්රේන ජනාපධිති ව්ලොද්මීර් සෙලෙන්ස්කී සහ යුක්රේනයේ සංචාරයකට පැමිණි ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටාකිස් අසලට හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල විය.

රොකට් පඟාරය එල්ල වූයේ අනපේක්ෂිතවය. ඒ වනවිට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරා ගනිමින්, යුක්රේනයේ ඔඩෙසා වරාය නගරයේ සංචාරයක නියැලෙමින් සිටියේය.

මිසයිල ප්‍රහාරය ඔඩෙසා නගරයට එල්ල වෙද්දී, අනතුරු ඇගවීමේ නලා නාද වීමට පටන් ගත් අතර, ආරක්ෂක අංශ නිලධාරීන්, සෙලෙන්ස්කී සහ ග්‍රීක අග්‍රාමාත්‍යවරයා වහා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට කටයුතු කළේය. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඔවුන් සිටි තැනට මීටර් කීපයක් දුරිනි.

යුක්රේන ජනාධිපතිවරයාට යුද්ධය අරුමයක් නොවුණත්, එම ත්‍රසජනක අත්දැකීම තමන්ට බියජනක එකක් වූ බව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා පසුව මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

යුක්රේන ජනපති අසලට රුසියන් මිසයිල ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1825 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1479 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site