ඇමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ජනපද මට්ටමින්, ප්‍රධාන පක්ෂ වන ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂකයා තෝරා ගැනීමට ඡන්ද පවත්වයි.

වොෂින්ටනයේ පැවැති එම ඡන්ද විමසුමේ දී, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අභියෝගයක් වෙමින්, රිපබ්ලිනක් පක්ෂයෙන් ඉදිරියට පැමිණීමට නිකී හේලි සමත් වූවාය. ට්‍රම්ප් සහ නිකී හේලි අතරේ සීට පෙර සටනක් පැවැති නමුත්, හේලි හිටපු ජනාධිපති ට්‍රම්ප් පරාජය කළ පළමු අවස්ථාව මෙයයි.

52 හැවිරිදි නිකී හේලි, දකුණු කැරොලිනා ජනපද ආණ්ඩුකාර ධුරය හෙබවීය. 2017 සිට 2018 තෙක් කාලයේ එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපතිනිය ලෙස කටයුතු කළාය. නිකී හේලි ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි.

(ඒ.එෆ්.පී.)