ඉන්දීය සාගරයේ පිහිටි මුරුසි දූපතේ, හින්දු ආගමික සැණකෙළියක් අතරතුරේ ගින්නක් හටගත්තේය.

ගින්නට හසුවීමෙන් සැණකෙළියට සහභාගී වූ හින්දු වන්දනාකරුවෝ 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විදුලි රැහැනකින් විදුලිය කාන්දු වී ගින්න හටගත් බව පැවැසෙයි.

ගින්න හටගත්තේ මහා ශිව රාත්‍රිය වෙනුවෙන්, ඊට පෙර පැවැත්වූ ආගමික සැණකෙළියක් අතරතුරේය.

ගින්නට හසුවීමෙන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි පොලිස්පති අනිල් කුමාර් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)