ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිසිසිපි ජනපදයේ, වෙස්ට් පොයිට් නගරයේ, සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, එක් කාන්තාවක මියගොස්, 12 දෙනෙක් තුවාල ලැබූහ.

ක්ලේ ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලයට අනුව, වෙඩි තැබීම සිදුවූයේ ‘ඔයේසිස්’ නමැති සමාජ ශාලාවේය. වෙඩි ප්‍රහාරයට ලක්වී මියගියේ 20 හැවිරිදි තරුණියකි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බව පැවැසෙයි. එක් අයකුගේ මුහුණට වෙඩි වැදී ඇතැයි ද ෂෙරිෆ් කාර්යාල ප්‍රධානී එඩී ස්කොට් පවසා ඇත.

වෙඩි තැබීම සිදුවෙද්දී, ‘ඔයේසිස්’ සමාජ ශාලාවේ විශේෂ සාදයක් පැවැත්වෙමින් තිබුණි. ඊට සහභාගී වී සිට ඇත්තේ, විදේශවලින් ආ තරුණ තරුණියන් පිරිසකි.

වෙඩි තැබීම කළ තරුණයා, පලා ගොස් ඇති අතර, ඔහු සොයමින් මෙහෙයුම් ආරම්භ කර ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

(එන්.ඩී.ටීවී.)