
උතුරුදිග ගාසා තීරයේ රෝහල්වල පලස්තීන දරුවන් ආහාර නොමැතිව, කුසගින්නේ මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැවැසුවේ, එම සංවිධාවයේ විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යුද ගැටුම් මැද උතුරුදිග ගාසා තීරයේ අල් අවුඩා සහ කමාල් අඞ්වාන් රෝහල්වලට ගිය අවස්ථාවේදී දකින්න ලැබුණු ඛේදනීය දසුන් සිහිපත් කරමිණි.
මේ වනවිට කුසට අහරක් නොමැතිව මියගිය ගාසා පලස්තීන දරුවන් ගණන 10 කි. ගාසා සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ, ආහාර නොමැතිව මන්දපෝෂණයෙන් මියගිය දරුවන් ගණන 16 ක් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd