IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ට්‍රම්ප් සතුටින්

ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින හිටපු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇතැම් ජනපද තීරණය කිරීම අත්හිටුවීමට ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණ පියවර ගත්තේය.

හිටපු ජනාධිති ඩොනල්ඞ් ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂයෙන්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන ප්‍රධානතම අපේක්ෂකයාය. ට්‍රම්ප් මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ, කොලරාඩෝ සහ මේන් යන ජනපදය. මෙම ජනපද රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිවාදීන් වන ඩිමොක්‍රටික් පක්ෂයේ බලකොටු ලෙස සැලකෙයි.

2020 නොවැම්බරයේ, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වූයේ දෙවැනි වරටය. කෙසේ නමුත්, ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් ජනාධිපතිවණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

2021 ජනවාරි 6 වැනිදා බයිඩන්ගේ ජය තහවුරු කිරීමට ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) රැස් වෙද්දී, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ට්‍රම්ප් ආධාරකරුවන් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණි. ඇමෙරිකන් පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇත්තේ මෙම ගොඩනැගිල්ලේය.

ඇමෙරිකන් ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප්ට චෝදනා රැසක් එල්ල වී ඇත. ඇමෙරිකන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින්, කැරැල්ලක් මෙහෙයවූ බවට ද චෝදනා එල්ල වී ඇත. කොලරාඩෝ සහ මේන් ආදී ජනපද මැතිවරණ බලධාරීන් සහ එම ප්‍රාන්ත අධිකරණ ට්‍රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ට්‍රම්ප් සතුටින්

Krishan Tuesday, 05 March 2024 02:03 PM

ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතාකරන ඇමරිකාවේ ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවන් බහුතරයක් ට්‍රම්ප් ජනාධිපති සමයේ පත්කල අය කොලරාඩෝ වැනි ප්‍රාන්ත දුන් තින්දුවට එරෙහිව ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ප්‍රකාශ කිරිම සමග මාධ්‍ය වාර්තා කලේ ඔහුට පක්ෂව තින්දුවක් ලැබෙනු ඇති බවයි ඒ බව මේ තින්දුව සමග සනාථ උනා දැන් ලංකාවේ නොවේ ස්වාධිනත්වය අධිකරණයේ නැත්තේ ඇමරිකාවේ පැහැදිලියි

:       6       11

Inoka Bandaranayaka Tuesday, 05 March 2024 06:50 PM

ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරය රිපබ්ලිකන් පාක්ෂික විනුසුරුවන් බව ඇත්ත. නමුත් මේ තීන්දුව ඒකමතික එකක් බව අමතක කරන්න එපා. අද ඇමරිකාවේ තත්වය නම්, ෆොක්ස් නිව්ස් ඇරුනම, අනිත් සෑම ඩිමොක්‍රටික් මාධ්‍ය ආයතනයක් ම ට්‍රම්ප් ට එරෙහි විශාල මඩ ප්‍රචාරයක් දියත් කරමින් ඉන්නවා. නමුත්, රටේ අති බහුතරය ඔහු සමගයි. ඔහුගේ ජයග්‍රහණය ස්ථිර යි.

:       0       1

Bamunuarachchi Wednesday, 06 March 2024 09:02 AM

ජය ශ්‍රී! පුදුම සතුටක් ලැබුණා මේ ප්‍රවෘත්තිය CCTV එකේ දැක්කාම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site