ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ කර ඇත.
ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වීමෙන් පසු, ඇමෙරිකාව පලස්තීන වැසියන් මේ අයුරින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට පියවර ගත් පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකන් හමුදාව, ඊයේ (2) සී-130 වර්ගයේ ගුවන් යානා තුනක් යොදාගෙන ආහාර මලු 30,000ක් පමණ ගාසා තීරයට දැමූ බව පැවැසෙයි.
ඇමෙරිකාව මෙම තීරණය ගත්තේ, ඉකුත් බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට රැස්වී ආහාර ගැනීමට පොරකන්න වූ පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් මියයෑමෙන් පසුවය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 700 කට වැඩිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාසා වැසියන්ට ගුවනින් ආහාර