ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්තුමා හංගේරියාවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හංගේරියාවේ එක් දින සංචාරයකට සහභාගී විය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් විසිනි. 13 September 2021
ඇමෙරිකාවේ 12 ට අඩු දරුවන්ට ෆයිසර් ඇමෙරිකාවේ වයස අවුරුදු 12 අඩු ළමුන්ට ලබන මාසයේ සිට ෆයිසර් එන්නත ලබාදීමට හැකිවනු ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. 12 September 2021
චීනයෙන් අලුත් එන්නතක් චීනයේ නව කොවිඩ් මර්දන එන්නතේ පළමු නිෂ්පාදන කටයුතු ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 12 September 2021
9/11 ප්‍රහාරයට අවුරුදු 20 යි ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය, ඇමෙරිකන් මගී ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වී අද (11) ට වසර 20 කි. 11 September 2021
තලේබාන්වරුන් ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට පහරදීලා ඇෆ්ගන් මාධ්‍යවේදීන් දෙදෙනකු තලේබාන්වරුන්ගේ අමානුෂික ලෙස පහර දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පහර කෑමට ලක් වුණු මාධ්‍යවේදීන් දෙදෙනා තුවාල ලබා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පවා විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. 10 September 2021
නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවෙලා උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවී ඇතැයි දකුණු කොරියා පුවත් සේවා වාර්තා කරයි. 10 September 2021
ඇෆ්ගනිස්තානයෙන් පිටවී යති ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයෝ රැසක් ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව ගියහ. වාණිජ ගුවන් යානා මඟින් ඔවුන්ට ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යෑමට අවස්ථාව ලබා දී තිබෙන අතර ඔවුන්ගෙන් බොහෝදෙනා ඇමෙරිකානුවන් බව ද වාර්තා වේ. 10 September 2021
බයිඩන් ජින්පින් දුරකතන සංවාදයක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැය එකහාමාරකට ආසන්න කාලයක් දුරකතන සංවාදයක යෙදී ඇත. 10 September 2021
පලා ගිය ජනපති සමාව ඉල්ලයි තලේබාන්වරුන් කාබුල් අගනුවර අත්පත් කර ගනිද්දී, රටින් පලා ගිය ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගන් වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා සමාව ඉල්ලුවේ ට්විටර් පණිවුඩයක් ලෙස විශේෂ ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කරමිනි. 09 September 2021
තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ප්‍රමාද කරන්න ’කොවිඩ් 19’ වයිරසට එරෙහිව ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස තෙවැනි එන්නත් මාත්‍රාවක් 2022 වසර තෙක් කල් දමන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාව ඇතුළු බටහිර ධනවත්රටවලින් ද ඊශ්‍රායලයෙන් ද ඉල්ලීමක් කර තිබේ. 09 September 2021
ජපන් අගමැති ධුරයට කාන්තාවක් පත්වන ලකුණු ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පළමු වරට කාන්තාවක් තේරී පත්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 09 September 2021
ජපානයේ හදිසි සීමා තවදුරටත් ජපානයේ ටෝකියෝ සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනව තිබෙන ‘කොවිඩ්-19’ හදිසි සීමා තවදුරටත් දීර්ඝ කරන බව එරට බලධාරීහු අද (9) ප්‍රකාශ කළහ. 09 September 2021
සෞඛ්‍ය ආපදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කළ යුතුයි ‘කොවිඩ්-19’ වසංගතයටත් අනාගත සෞඛ්‍ය ආපදා සහ හදිසි තත්ත්වවලටත් මුහුණ දීම සඳහා සෞඛ්‍ය ආපදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 09 September 2021
තලේබාන් රජයක් පිහිටුවයි වසර 20 කට පසු යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් තලේබාන් සංවිධානය නව අන්තර්වාර රජයක් පිහිටුවූ බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 09 September 2021
නවසීලන්තයේ ලොක්ඩවුන් සීමා ලිහිල් වෙයි නවසීලන්තය මේ සතියේ දී ‘කොවිඩ්-19’ ලොක්ඩවුන් සීමා ලිහිල් කරනු ඇතැයි වාර්තා වේ. 07 September 2021
ඉන්දියාවේ ගොවි විරෝධතා නව කෘෂිකාර්මික නීතිරීතිවලට විරෝධය පළ කරමින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීහු දස දහස් ගණනක් ඊයේ (6) විරෝධතාවලට නිරත වූහ. 07 September 2021
ඉරාක පොලිස් මුර පොළට ප්‍රහාරයක් ඉරාකයේ කිර්කුක් හි පිහිටි ආරක්ෂක මුරපොළකට ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ. 07 September 2021
තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා තායිවානය සමඟ දේශපාලන සම්බන්ධතා ඇති කරගැනීම සහ සහයෝගීතාව ඇති කරගැනීම ට යුරෝපා සංගමය අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කර තිබේ. 07 September 2021
හමුදා පාලනයට එරෙහිව සටන් අරඹනවා හමුදා පාලනයට එරෙහිව අද සිට සටන් වදින බව මියන්මාරයේ ජාතික සමඟි ආණ්ඩුව ප්‍රකාශ කරයි. 07 September 2021
මියන්මාරයේ අෂීන් විරාතු හිමි නිදහස් මියන්මාර හමුදාව ජාතික බෞද්ධ භික්ෂුවක් ලෙස ප්‍රකට අෂීන් විරාතු හිමි නිදහස් කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. 07 September 2021
කියුබාවේ චූටි බබාලාට එන්නත් කියුබාවේ අවුරුදු 2 ත් 6 ත් අතර වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ඊයේ (6) සිට ආරම්භ විය. ඒ අනුව, අවුරුදු 2ත් 6ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු රට කියුබාවය. 07 September 2021
කාන්තා විරෝධතා රැලියකට තලේබාන් ප්‍රහාරයක් කාන්තා අයිතීන් සුරකින්නැයි තලේබාන් සංවිධානයට බලකරමින්, කාබුල් අගනුවර සමාජ ක්‍රියාකාරීනියන් පිරිසක් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණු බවත්, තලේබාන්වරුන් කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරිය බවත් වාර්තා වේ. 06 September 2021
’පන්ජ්ෂීර්’ කැරැලි නායකයා තලේබාන් සමඟ සාකච්ඡා සටන් නවත්වා තලේබාන්වරුන් සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඇෆ්ගන් ’පන්ජ්ෂීර්’ නිම්නයේ තලේබාන් විරෝධී සටන්කාමීන්ට නායකත්වය දෙන අහ්මද් මසූද් පවසයි. 06 September 2021
ගිනියා රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් අප්‍රිකාවට අයත් ගිනියා රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. ජනාධිපති මන්දිරය වටලා, ජනාධිපති ඇල්පා කෝඩේ අත්අඩංගුවට ගැනීමට ද හමුදා සොල්දාදුවෝ කටයුතු කළහ. 06 September 2021
විද්‍යුත් තැපැල් ගිණුම් බ්ලොක් කරලා ගූගල් සමාගම විසින් ඇෆ්ගන් රජයේ විද්‍යුත් තැපැල් ගිණුම් අවහිර (Block) කර තිබේ. තලෙයිබාන් සටන්කාමීන් රජයේ විද්‍යුත් තැපැල් ගිණුම්වලට ඇතුළු වීමට උත්සාහ දැරීම හේතුවෙන් ගූගල් සමාගම මෙම පියවර ගෙන ඇත. 06 September 2021
’පන්ජ්ෂීර්’ නිම්නයේ දරුණු ගැටුම් ඇෆ්ගනිස්තානයේ ’පන්ජ්ෂීර්’ නිම්නයේ තලේබාන් විරෝධී සටන්කාමීන් සහ තලේබාන් සටන්කාමීන් අතර අවි ගැටුම් උත්සන්න වී ඇති බවත් 600 කට වැඩි පිරිසක් එම ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 05 September 2021
පළමු ’ඩෙල්ටා’ මරණය වාර්තා වෙයි නවසීලන්තයෙන් පළමු ’කොවිඩ් 19 ඩෙල්ටා’ මරණය වාර්තා විය. ’කොවිඩ් 19’ වයිරසය එරට ව්‍යාප්තවීමෙන් පසු සිදුවුණු 27 වැනි මරණය මෙයයි. නවසීලන්තයෙන් මෙසේ කොරෝනා මරණයක් වාර්තා වූයේ මාස 6 කින් බව ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. 05 September 2021
යොෂිහිදේ සුගා ජපාන අගමැති ධුරයට සමුදෙයි ජපානයේ පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂ නායකත්වයෙන් මෙන්ම ජපාන අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බව යොෂිහිදේ සුගා මාධ්‍ය හමුවේ පවසා ඇත. 05 September 2021
නිරෝගී දරුවන්ට ’කොවිඩ්’ එන්නත් ඕනෑ නෑ අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ නිරෝගී දරුවන්ට ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අත්‍යාවශ්‍ය නොවන බව, මහා බ්‍රිතාන්‍යයේ එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. 05 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026