සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින්, පළමු සහ දෙවැනි 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලබා ගත් අවුරුදු 18 වැඩි සෑම කෙනකුටම, ප්‍රවර්ධක එන්නතක් එනම් බූස්ටර් එන්නතක් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
තෙවැනි මාත්‍රාවක් ලෙස ප්‍රවර්ධක එන්නතක් ලබා දීම කළ යුතු යැයි නිර්දේශ කර ඇත්තේ ඕස්ට්‍රේලියානු ඖෂධ පරිපාලන නියාමන අධිකාරියයි. තෙවැනි මාත්‍රාව ලබා දීම නොවැම්බර් පළමු වැනිදා සිටි ආරම්භ කෙරෙනු ඇත.
ප්‍රවර්ධක එන්නත ලෙස ලබා දීමට සුදුසු යැයි ඕස්ට්‍රේලියානු ඖෂධ පරිපාලන නියාමන අධිකාරිය නිර්දේශ කර ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදිත 'ෆයිසර්' එන්නතය. පළමු සහ දෙවැනි එන්නත් නියමිත මාත්‍රා නියමිත පරිදි ලබා ගෙන මාස 6 කින් තෙවැනි මාත්‍රාව ලෙස 'ෆයිසර්' එන්නත ලබා දීම සිදුවන බව ද පැවැසෙයි.
ඕස්ට්‍රේලියාව උත්සාහ ගන්නේ රටේ සියලු දෙනා එන්නත් කර නව සාමාන්‍යකරණය යටතේ රට විවෘත කර 'කොවිඩ් 19' වසංගතය සමඟ ජීවත් වීමටය.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජනගනයෙන් අවුරුදු 16 ට වැඩි සියයට 74 කට පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීම සිදු කර ඇත. එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පිරිස සියයට 87 කි. ඕස්ට්‍රේලියා වැසියන්ට ලබා දෙන එන්නත් වර්ග 3 කි. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', 'මොඩර්නා' සහ 'ෆයිසර්' යනු එම එන්නත් වර්ග 3 ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd