නැගෙනහිර යුරෝපා රටවල 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 20 සීමාව පසු කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නැගෙනහිර යුරෝපයට අයත් රටවල් බොහොමයක එන්නත්කරණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවෙයි. ආසාදිතයන් වැඩිවීමට එක් හේතුවක් වී ඇත්තේ එයයි.
ඊට අමතරව, ඒම රටවල 'කොවිඩ් 19 ඩෙල්ටා ප්ලස්' විකෘති වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තිය ද සිදුවෙමින් පවතී.
නැගෙනහිර යුරෝපා රටවල් අතරින් වේගවත් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ හංගේරියාවේ යැයි පැවැසෙයි.
හංගේරියානු රජය සහ සෞඛ්‍ය අංශ ඒරට ජනගහනයෙන් සියයට 62 කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව වාර්තා වේ. යුක්රේනයේ එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 19 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. අද නැගෙනහිර යුරෝපා රටවලින් දරුණු ලෙස 'කොවිඩ් 19' වසංගතයෙන් බැට කන රටක් ලෙස යුක්රේනය සැලකෙයි.
නැගෙනහිර යුරෝපා රටවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන 80,000 පසු කර ඇත. මීට පෙර මේ අයුරින් නැගෙනහිර යුරෝපා රටවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ පසුගිය 2020 නොවැම්බරයේය.
ආසියා මහද්වීපයට අයත් වුවත් රුසියාව සැලකෙන්නේ ද නැගෙනහිර යුරෝපා රාජ්‍යයක් ලෙසය. රුසියාවේ 'කොවිඩ් 19' තත්ත්වය ද දිනපතා දරුණු වෙමින් පවතී. දෛනිකව, මරණ 1,000 ඉක්මවා වාර්තා වන අතර, දෛනික ආසාදිතයන් ගණන වාර්තා වන්නේ 30,000 ඉක්මවමිනි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නැගෙනහිර යුරෝපයේ ආසාදිතයෝ මිලියන 20 ක්