අග්නිදිග ආසියානු රාජ්‍ය නායකයන්ගේ එකමුතුව හෙවත් 'ආසියාන්' සමුළුව යළිත් වරක් ඇමෙරිකාව එක් කරමින්, ජෝ බයිඩන් ඊට සහභාගී විය. සමුළුව පැවැත්වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය.
'ආසියාන්' සමුළුවට අග්නිදිග කලාපීය ආසියානු රටවල් 10 ක් හවුල් වී සිටී. ඇමෙරිකාව සමුළුවට එක්වන්නේ එම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෝක බලවතා ලෙසය.
කෙසේ නමුත් 2017 වසරේ මැනිලා නුවර පැවැති ආසියානු සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව බයිඩන්ට පෙර ඇමෙරිකා ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, 'ආසියාන්' හවුලෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේය.
'ආසියාන්' සමුළුවට අයත් රටවල් වන්නේ බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමයයි.
ඇමෙරිකාව යළි 'ආසියාන්' සමුළුවට සම්බන්ධ කළ යුතු බව බයිඩන් පරිපාලනයේ අදහස විය. ඊයේ (26) ආරම්භ වුණු තෙදින වීඩියෝ සමුළුවට බයිඩන් සම්බන්ධ වූයේ ඒ අනුවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
642
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ආසියාන්’ සමුළුවට බයිඩන් එක්වෙයි