IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


සූ කී හමුදා අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

බලයෙන් නෙරපා, දමා නිවාස අඩස්සියට පත් කෙරුණු, මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී පළමු වරට එරට හමුදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දුන්නාය.

මියන්මාර හමුදාව අවුන් සාන් සූ කීගේ රජය පෙරළා දමමින් රටේ පාලනය අත්පත්කරගෙන හමුදා රජයක් පිහිටවූයේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය.

එදා පටන් හමුදා පාලනයට විරෝධය දක්වමින් මියන්මාරයේ විරෝධතා පැවැත්වෙන අතර, විරෝධතාකරුවන්ට හමුදාව පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති විරෝධතාකරුවන් ගණන 1,100 ක් යැයි පැවැසෙයි.

මියන්මාර හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය වසරේ පැවැති මහ මැතිවරණය දූෂිත බව පෙන්වා දෙමිනි. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි. හමුදාවට සහාය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පරාජයට පත් විය.

නීතිවිරෝධී සන්නිවේදන උපකරණ (වෝකිටෝකි ආදිය) අනවසරයෙන් ළඟ තබා ගෙන සිටියැයි සූ කීට චෝදනා එල්ල වී ඇත. සූ කී සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ වූයේ පසුගිය ජූනි මාසයේදීය. ඒ, ඇය නිවාස අඩස්සියට පත් කර මාස 4 කට පසුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

සූ කී හමුදා අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 298 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 153 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1806 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site