
'ජී20' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින් ඉතාලියට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවිය.
ධවල මන්දිරය ප්‍රකාශ කළේ එය පෞද්ගලික හමුවක් බවය.
ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද වතිකානයට ගිය බව වාර්තා වේ.
පෞද්ගලික හමුව මිනිත්තු 90 ක් තිස්සේ පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
බයිඩන්, රෝමානු කතෝලික බැතිමතෙකි. එහෙයින්, පාප්තුමන් හමුවීම ඔහුට සුවිශේෂී අවස්ථාවක් විය. ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙස පාප්තුමන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සිහිවෙන්නේ කිසිදෙයක් කරකියාගන්න බැරුව අහිංසක වුණාම නේද?
ලෝක බලවත්තු කොරෝනා පඩේකට ගණන් ගන්නේ නෑ ,එකට අපේ ගොන් රල මාස් නැතිව ටොයිලට් වත් යන නෑ ,අනුන්ගෙන් හිඟා කකා මහා ලොකුවට පම්පොරිත් ගහනවා