IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


බයිඩන් පාප්තුමන් හමුවෙයි

'ජී20' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින් ඉතාලියට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවිය.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ එය පෞද්ගලික හමුවක් බවය.

ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද වතිකානයට ගිය බව වාර්තා වේ.

පෞද්ගලික හමුව මිනිත්තු 90 ක් තිස්සේ පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

බයිඩන්, රෝමානු කතෝලික බැතිමතෙකි. එහෙයින්, පාප්තුමන් හමුවීම ඔහුට සුවිශේෂී අවස්ථාවක් විය. ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙස පාප්තුමන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (3)

බයිඩන් පාප්තුමන් හමුවෙයි

ganegoda Saturday, 30 October 2021 02:16 PM

දෙයියෝ සිහිවෙන්නේ කිසිදෙයක් කරකියාගන්න බැරුව අහිංසක වුණාම නේද?

:       0       1

arschfikaaSunday, 31 October 2021 12:53 AM

නැහැ එහෙම දෙයක් නම් නැහැ .දෙයියෝ සිහිවෙන්නේ කරකියා ගන්න බැරුව අහිංසක වෙන්නේ ඔබලාගේ ජාතියයි ,ආණ්ඩුවයි මිසක් ලෝකේ කිසිම වෙන රටක ජනයා හෝ රජයන් වලට එහෙම දෙයක් කවදාවත් උනේ නැති ගානයි

:       0       0

Sriland Sunday, 31 October 2021 01:57 AM

ලෝක බලවත්තු කොරෝනා පඩේකට ගණන් ගන්නේ නෑ ,එකට අපේ ගොන් රල මාස් නැතිව ටොයිලට් වත් යන නෑ ,අනුන්ගෙන් හිඟා කකා මහා ලොකුවට පම්පොරිත් ගහනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 299 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 153 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1807 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site