IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


කාබුල් හමුදා රෝහලේ බෝම්බ පිපිරේ

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි එරට විශාලතම හමුදා රෝහලේ අධි බලැති බෝම්බ දෙකක් පිපිරීයෑමෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 43 දෙනෙක් තුවාල ලැබූහ.

බෝම්බ ප්‍රහාරවලට අමතර රෝහලේ වෙඩි හුවමාරුවක් ද සිදුවුණු බව ඇෆ්ගන් තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.‍

බෝම්බ පුපුරා ගියේත් වෙඩි හුවමාරුව සිදුවූයේත් සර්දාර් මොහොමද් දාවුද් ඛාන් හමුදා රෝහලේය. මෙය ඇඳන් 400 කින් සමන්විත හමුදා රෝහලකි.

ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ජාලයට අයත් 'අයි.එස්.අයි.එස්.කේ.' කල්ලිය යැයි තලේබාන්වරු සැක කරති. කෙසේ නමුත් තවමත් ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නැත.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අත්පත් කරගත්තේ පසුගිය අගෝස්තු මස අවසානයේය. ඒ, ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟය.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය එමීරේට්ස් රාජ්‍යයක් ලෙස නම් කර ඇති අතර, අන්තර්වාර රජයක් ද පිහිටුවා අවසන්ය. කෙසේ නමුත් 'අයි.එස්.අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය තලේබාන්වරුන්ට තර්ජනයක් වී ඇති අතර අන්තවාදී අදහස් ඇති තලේබාන් සන්නද්ධ සාමාජිකයන්ගේ සහාය ද 'අයි.එස්.අයි.එස්.කේ.' කල්ලියට හිමිවන බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

කාබුල් හමුදා රෝහලේ බෝම්බ පිපිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 299 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 153 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1807 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site