බයිඩන් බූස්ටර් එන්නත ලබා ගනී ඇමෙරිකාවේ අවුරුදු 60 වැඩි වැඩිහිටියන් සඳහා ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස ’ෆයිසර්’ එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබා දීම කළ යුතු යැයි එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කිරීමත් සමඟ ජනාධිපති ජෝ බයිඩන් ද එම තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත්තේය. 28 September 2021
අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තාවෝ වැඩියි යුරෝපා රාජ්‍යයක් වන අයිස්ලන්තයේ මහ මැතිවරණය පසුගිය 25 වැනිදා පැවැත්වුණු අතර එහි ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ වී තිබේ. 27 September 2021
විදෙස් ලොරි රියදුරන්ට බ්‍රිතාන්‍ය වීසා මහා බ්‍රිතාන්‍යය මුහුණ දී සිටින, ලොරි රියදුරන්ගේ හිඟය ට පිළියමක් ලෙස විදෙස් ලොරි රියදුරන් සඳහා තාවකාලික වීසා නිකුත් කිරීමට එරට තීරණය කර තිබේ. 27 September 2021
බයිඩන් ප්‍රධානත්වයෙන් පැවැති ක්වොඩ් සමුළුව ක්වොඩ් රටවල රාජ්‍ය නායකයන්ගේ හමුවක් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ දී පැවැත්විණි. 27 September 2021
සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ අවසන් රට සමරිසියන්ට විවාහ වීම ඇතුළු සම අයිතිවාසිකම් ලබාදීමට ස්විට්සර්ලන්ත ජනතාව අනුමැතිය ලබා දුන්හ. ඒ සඳහා ඊයේ (26) පැවති ජනමත විචාරණයේ දී ඊට පක්ෂව ජන්ද සියයට 64.1ක් හිමි විය.විරුද්ධව ඡන්ද සියයට 35.9ක් ලැබිණි. 27 September 2021
බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිගයක් ලොව බලසම්පන්න ආර්ථිකට හිමිකම් කියාන බ්‍රිතාන්‍යය මේ දිනවල දැඩි ඉන්ධන හිගයකට මුහුණ දී සිටිති. 27 September 2021
ඉන්දීය අගමැති ජගත් මහා මණ්ඩලය අමතයි ඉන්දියාව ලෝකය සමගත්, ලෝකය ඉන්දියාව සමගත් ශක්තිමත් ලෙස බැදී පවතින බවත්, එම බැදීම වෙනස් කළ නොහැකි බවත්, ඉන්දියාව වර්ධනය වනවිට ලෝකය වර්ධනය වෙන බවත් 76 වැනි ජගත් මහා මණ්ඩල සැසිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසීය. 26 September 2021
ප්‍රමිතියෙන් යුත් එන්නත් සහතිකයක් විදේශවල පිළිගැනීමකට ලක් වන ආකාරයේ, උසස් ප්‍රමිතියකින් යුත්, අවශ්‍ය සියලු දත්ත ඇතුළත් කර නව එන්නත් සහතික පත්‍රයක් නිකුත් කිරීමට ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පියවර ගෙන තිබේ. 26 September 2021
අයිස්ලන්තයේත් මහ මැතිවරණයක් අයස්ලන්තයේ මහ මැතිවරණය ඊයේ (25) පැවැත්විණි. මැතිවරණය ප්‍රතිඵලය තරමක් අවුල් සහගත එකක් වනු ඇතැයි පැවසෙන අතර ඡන්ද විමසීමේ ප්‍රතිඵල අද (26) නිකුත් වීමට නියමිත ය. 26 September 2021
පුටින් සයිබීරියාවේ නිරෝධායනයට ගිහිල්ලා ’කොවිඩ් 19’ ආශ්‍රිතයකුගේ සමීපතමයකු වූ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මේ දිනවල ස්වයං නිරෝධානයට යොමු වීම සඳහා අසල්වැසි සයිබීරියාවේ කඳුකරය බලා ගොස් ඇතැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 26 September 2021
ජර්මන් ෆෙඩරල් මැතිවරණය ඇරැඹේ ජර්මන් ෆෙඩරල් මහ මැතිවරණය අද (26) ආරම්භ වෙයි. 2005 වසරේ සිට ජර්මන් චාන්සල්වරිය ලෙස එම ධුරය හොබවන 67 හැවිරිදි ඇන්ජෙලා මර්කල්ගේ ධුර කාලය අවසන් වන අතර ඇය යළි චාන්සල් ධුරය සඳහා තරග වදින්නේ නැත. 26 September 2021
ඇෆ්ගන් කතුන්ගේ අයිතීන් සුරකින්න ඕනෑ ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා “නිර්භීත හා දැඩි කැපවීමක්” පෙන්වන ලෙස නොබෙල් ත්‍යාගලාභී සහ පාකිස්ථානු අයිතිවාසිකම් ක්‍රියාකාරිනී මලාලා යූසුෆ්සායි පාකිස්ථානයෙන් ඉල්ලා සිටින්නීය. 26 September 2021
විකෘති ප්‍රභේද වැඩි වේලාවක් වාතයේ රැඳෙනවා අලුතින් නිර්මාණය වන ’කොවිඩ් 19’ නව විකෘති ප්‍රභේද, ’කොවිඩ් 19’ මුල් ප්‍රභේදයට වඩා වැඩි වේලාවක් වාතයේ රැඳී පවතිනවා යැයි ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බොල්ටිමෝර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි. 25 September 2021
චීන අත්අඩංගුවේ සිටි කැනේඩියානුවන්ට නිදහස ඔත්තු බැලීමේ චෝදනා මත, අත්අඩංගුවට ගෙන සිරදඬුවම් නියම කෙරුණු කැනේඩියානු ජාතිකයන් දෙදෙනා වන මයිකල් ස්පේවර් සහ මයිකල් කොවිරිජ් නිදහස් කිරීමට චීන රජය පියවර ගෙන තිබේ. 25 September 2021
වසර 30කට පසු සෝමාලියාවේ චිත්‍රපට ප්‍රදර්ශනයක් සිවිල් යුද ගැටුම්වලින් සහ ත්රස්තවාදීන්ගේ ප්රචණ්ඩ ක්‍රියාවලින් හෙම්බත් වූ සෝමාලියාවේ, දශක තුනකට පසු පළමු වරට, චිත්‍රපට ප්‍රදර්ශනයක් සිදුවිය. ඒ, දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය. 25 September 2021
මෝදි බයිඩන් හමුවක් එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාව බලා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් පැවැත්විණි. 24 September 2021
නවදිල්ලි අධිකරණයක් තුළ වෙඩි තැබීමක් නවදිල්ලි අධිකරණයක, නඩු විභාගයක් පැවැත්වෙද්දී, නීතීඥවරුන් ලෙස වෙස්වලා ගනිමින්, අධිකරණ ශාලාවටට ඇතුළු වුණු තුවක්කුකරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි නායකයෙක් ජීවිතක්ෂයට පත් විය. 24 September 2021
ඇමෙරිකන් ජනපතිගෙන් ප්‍රංශ ජනපතිට ඇමතුමක් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට දුරකතන ඇමතුමක් ලබා දුන් බවත්, දෙරට අතර පළුඳු වූ සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා සමත් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 23 September 2021
බ්‍රසීල ජනපති බොල්සරානෝ නිරෝධායනයේ එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගිය බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ නිරෝධායනයට යොමු කෙරුණු බව බ්‍රසීල රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 23 September 2021
එන්නත් අපනයනය අරඹනවා එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ‘කොවැක්ස්’ අරමුදලටත් අසල්වැසි රටවලටත් ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කරන බව ඉන්දීය ප්‍රකාශ කරයි. 23 September 2021
ඉන්දියාව කෝටි 81.85 කට එන්නත දීලා ඉන්දියාව මේ වනවිට කෝටි 81.85 දෙනකුට ‘කොවිඩ්-19’ එන්නත ලබා දී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 23 September 2021
මෝදි ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි ජගත් මහ සමුළුව ඇමැතීමට නියමිතය ඇත්තේ හෙට (24) දිනයේය. 23 September 2021
ජගත් සමුළුව අමතන්න ඉඩ දෙන්න - තලේබාන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී, සැසිය ඇමැතීමටත් තමන්ට අවස්ථාවක් දෙන්නැයි ඇෆ්ගන් තලේබාන්වරුන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 22 September 2021
බ්‍රසීල ජනපතිට විශේෂ අවසරයක් ’කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා නොගත් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ඇමෙරිකාවට පැමිණ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූයේ විශේෂ අවසරයක් යටතේය. 22 September 2021
බයිඩන් මහා මණ්ඩල සැසිය අමතයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීය. බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියකට සහභාගී වී සැසිය ඇමැතූ පළමු අවස්ථාව මෙයයි. 22 September 2021
ජගත් මහ ලේකම්ගෙන් අනතුරු ඇඟවිමක් එක්සත් ජාතීන්ගේ 76 වැනි සැසිය ආරම්භ කරමින්, මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ලෝකයට බරපතල අනතුරු ඇඟවීමක් කළේය. 22 September 2021
ඉන්ධන මිල වැඩි කළාට ඉම්රාන්ට විරෝධයක් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන විපක්ෂයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්රමුඛ ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 22 September 2021
පාකිස්තාන පිටි මිල ඉහළ යන ලකුණු පාකිස්තානයේ පිටි මිල ඉදිරියේ දී වැඩි කෙරෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 22 September 2021
ඕස්ට්‍රේලියාවට භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ගිණිකොනදිග ඕස්ට්‍රේලියාව කැලඹිණි. 22 September 2021
චීනයට එරෙහිව පැමිණිලි කරනවා - තායිවානය චීනයට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිලි කරන බව තායිවානය ප්‍රකාශ කරයි. තායිවානයෙන් ආනයනය කරන ලද අනෝදා (ෂුගර් ඇපල්) සහ පිනි ජම්බු (වැක්ස් ඇපල්) යන පළතුරුවල කෘමීන් සිටි බවට චෝදනා කරමින් චීනය තායිවානයෙන් ගෙන්වන එම පළතුරු ආනයනය නවතා දැමීමට පියවර ගෙන තිබේ. 21 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026