
වසර 116කට පසු චීනයේ සිදුවූ වැඩිම හිමපතනය මේ දිනවල වාර්තා වන බව චීන මාධ්‍ය වාර්තා කර සිටී.
නැගෙනහිර චීනයේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෘණ 14ක් තරම් පහත වැටී ඇති අතර, අධිවේගී මාර්ග සියල්ල හිමෙන් වැසී ගොස් තිබේ. බොහෝ නගරවල බස්රථ සහ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.
මේ අවදානම් තත්ත්වය ජනතාවට අවබෝධ කර දීමට මොංගෝලියාවේ සහ නැගෙනහිර චීනයේ හිමපතනය සම්බන්ධව රතු නිවේදන 27ක් දැනටමත් නිකුත් කර ඇති අතර, එය හිමපතනයක් සම්බන්ධව එරට නිකුත් කළ වැඩිම රතු නිවේදන ප්‍රමාණය ලෙසත් වාර්තා වේ.
නැගෙනහිර චීනයට ඇද හැලුණු මේ හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යැං නුවර සම්පූර්ණයෙන්ම වැසී ගිය බවත්, එය අඟල් විස්සක් තරම් ඝනකමකින් යුතු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනි දරුණු හිමපතනයක් සිදු වී ඇත්තේ 1905 වසරේදී ෂිංහුවා ප්‍රාන්තයේ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දරුණු හිමපතනය හේතුවෙන් චීනයට ආසන්න මොංගෝලියාවේ පුද්ගල මරණයක් ද වාර්තා වී තිබේ. තවත් 5,600කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද වාර්තා වේ.
(ෂින්හුවා)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවුරුදු 116 කට පසු වැඩිම හිම පතනය