
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙන්ම, පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් නුවර ද වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි වාතයේ ගුණාත්මය පිළිබඳ විමසිල්ලෙන් පසුවන ස්විට්සර්ලන්තයේ 'අයි.කියු.එයාර්' තාක්ෂණ සමාගම නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
වාතය දූෂණය වී ඇතැයි පැවැසෙන්නේ වාතයේ ගුණාත්මකභාවය 300 සීමාව ඉක්මවා යෑමේදීය. 'අයි.කියු.එයාර්' තාක්ෂණ සමාගම නිකුත් කළ වාර්තාවට අනුව, ලාහෝර් නුවර වාතයේ ගුණාත්මය පවතින්නේ 348 ක් ලෙසය.
වායු දූෂණය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි දත්ත ඉදිරිපත් කරන තාක්ෂණික සමාගමක් ලෙස 'අයි.කියු.එයාර්' ලොව පිළිගැනීමකට ලක් වී ඇත. මෙම සමාගම වාතයේ ගුණාත්මක මැන බැලීම සිදු කරන්නේ 'එයාර් විෂුවල්' මෘදුකාංගය භාවිතයට ගනිමිනි. ඒ සඳහා කාලගුණ විද්‍යාඥයන්ගෙන් මෙන්ම කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවලින් ද ලැබෙන දත්ත පාදක කර ගනී.
ලාහෝරයේ වායු දූෂණය අවම කර ගැනීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව පාකිස්තාන රජය පමණක් නොව, ලාහෝරය අයත් පන්ජාබ් ප්‍රාන්ත රජය ද පවසා ඇත. ලාහෝරයේ වායු දූෂණය මෙසේ ඉහවහා යෑමට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ඩීසල් දුමය.
සීත කාලගුණය හේතුවෙන් ලාහෝර් වැසියන් ගිනිමැල දල්වමින් උණුසුම ලබා ගැනීමට උත්සාහ ගනී. මෙසේ ගිනිමැල දැල්වීමේ දී වාතයට එක්වන දුම් දීර්ඝ කාලයක් වාතයේ රැඳී පැවැතීම නිසා ද වායු දූෂණය ඉහළ යන බව පැවැසෙයි.
ලාහෝරය අයත් පන්ජාබය පිහිටා ඇත්තේ ඉන්දීය දේශසීමාව අසලය. ලාහෝරයේ ජනගහනය මිලියන 11 කි. මේ වනවිටත් ලාහෝර් වැසියන් ශ්වසන අපහසුතා සහ ශ්වසන රෝගවලින් පීඩාවට පත් වී සිටින බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලාහෝරයේත් වාතය දූෂණය වෙලා