පාකිස්තානය ත්‍රස්තවාදය එරෙහිව පියවර ගන්නා බව ප්‍රකාශ කරන අතරවාරයේදී ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක ජ්‍යෙෂ්ඨ නායකයන් සිවුදෙනකු නිදහස් කර ඇතැයි පාකිස්තානයේ සහ ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානය ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගන්නා බව පවසමින් ත්‍රස්තවාදීන් නිදහස් කර ඇති බවත් ඒ තුළින් පාකිස්තානය ජාත්‍යන්තර ප්‍රජාව රවටා ඇති බවත් ඇතැම් පාර්ශව පාකිස්තානයට චෝදනා කර ඇත.
ඉකුත් දින කිහිපයේදී පාකිස්තානයේ සහ ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබිණි.
ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කියමින් ලාහෝර් මහාධිකරණයක් ඉකුත් සතියේ දී ලක්ෂාර්-ඊ-තයිබා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හයදෙනකු නිදහස් කරන්නැයි නියෝග කළේ ය.
ලක්ෂාර්-ඊ-තයිබා සංවිධානය ගෝලීය ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
(ඒ.එන්.අයි.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ත්‍රස්ත නායකයන් සිවු දෙනෙකු නිදහස් කරලා