
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්, සිය නිල නිවසේ සිට සජීවීව, වීඩියෝ තාක්ෂණය හරහා , සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නවසීලන්ත වැසියන් අමතමින්, රටේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරද්දී, ඇගේ සිඟිති දියණියගෙන් බාධා එල්ල විය.
අග්‍රාමාත්‍යවරිය ෆේස්බුක් හරහා නවසීලන්ත වැසියන් අමතමින්, 'කොවිඩ්' ව්‍යාප්තිය කෙසේ සිදුවන්නේදැයි පැහැදිලි කළේ පසුගිය සඳුදා (8) රාත්‍රියේය. 41 ක් හැවිරිදි අග්‍රාමාත්‍යවරිය, නිවසේ ඇගේ කාර්යාල කාමරයට පැමිණ සිටියේ තෙහැවිරිදි දියණිය නිදි කරවීමෙන් පසුවය.
කෙසේ නමුත් නින්දට නොවැටුණු දියණිය, අග්‍රාමාත්‍යවරිය 'කොවිඩ්' ව්‍යාප්තිය ගැන පැහැදිලි කරද්දී ඇය සිටි කාමරයට එබිකම් කරමින්, 'අම්මේ' යැයි කියන අයුරු විඩියෝ දසුන් බලා සිටි සැමට ඇසෙන්න විය. 'ඇයි මේ ඇහැරගෙන? දැන් නිදාගන්න වෙලාවනේ. අම්මා මිනිත්තුවෙන් එනවා' යැයි අග්‍රාමාත්‍යවරිය සැමට ඇසෙන පරිදි දියණියට කියයි.
එම සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදී නරඹන්නන් සැමගෙන් සමාව ඉල්ලීමක් ද කරයි. 'පොඩ්ඩන්ගේ හැටි දන්නවානේ' යැයි ඇය පවසන්නේ සිනාවෙමිනි. මෙම සිදුවීමට අදාල වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
ආරම්භයේ දී 'කොවිඩ් 19' වසංගතය ඉතාමත් හොඳින් පාලනය කරගත් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට පවා නවසීලන්තය ලක් විය. කෙසේ නමුත් දැන් එරටින් ද දෛනිකව ආසාදිතයන් 200 ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන ඇත.
(ඒ.ඒෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළදරුවෙකුට තම මව මුළු ලෝකෙටම රෑජිනක්ද කවුරුන්ද අදාළ නැත. ළදරුවාට වටින්නේ තම මව පමණක්ය...
ඔන්න දැක්කා නේද පින්කරපු මිනිස්සුන්ට ලැබෙන දේශපාලඥයෝ... අපට කොහෙද ඉතින්... තුන්සිය හැටපස් දවසේම පින් අතේ වැඩමයි කරන්නේ... ඒ වුණාට ලැබෙන දේශපාලඥයින් පට්ට හොරු...
එතුමිය ගැන නම් ආයේ කතා 2ක් නැහැ. ඒවගේ නායකයෙක් ලබන්න රටක මුළුමහත් ජනතාවම පින් කළ යුතුයි.
බලන්න කොච්චර සරල වගේම දක්ෂ නායකයින්ද කියලා...
අපේ නායකයෝ කියලා කියන්නේ පට්ට හොරුන්ටනේ...
අප රටේ තාමත් අනුගමනය කරන්නේ ඉතා පැරණි මැකියාවේලිගේ ‘ද ප්‍රින්ස්’ යන ග්‍රන්ථයේ සංකල්පයයි. එනම් ජනතාව ගරු කරන්නේ නායකයන් මතුපිට ඔපය වැඩි තරමටයි. ඔවුන්ගේ පවුලේ අය ප්‍රභූවරුන් යැයි පැහැදිලිව පෙන්නුම් කිරීමට දැසි දස්සන් පිරිවරා සිටීම, යටහත් සේවකයින් යටහත් බව පෙන්වීම මින් සමහර සලකුණුයි. දියුණු රටවල් වුණත් අප රටතරම් ප්‍රභූ හිතවතුන්ට සංග්‍රහ කිරීමට සහ ඇමති දීමනාවලට වැය නොකරති. අප රටේ මිනිසුන් සහ නායකයින්ද යටත් විජිත මානසිකත්වයෙන් පෙළෙති. තමාගේ තත්වයට දැරිය නොහැකි අධික වියදම් සහිත විවාහ මංගලෝත්සව පවා මෙයට කදිම නිදසුනකි.