බලුකිස්තානයේ සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ සිදුවීම් දෙකකින් පාකිස්තාන හමුදාවේ සාමාජිකයන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පාකිස්තාන හමුදාව සහ ත්‍රස්තවාදීන් අතර සිදු වූ ගැටුම්වලින් මෙලෙස පාකිස්තාන සොල්දාදුවන් මියගොස් ඇතැයි ද මෙම ගැටුම්වලින් ත්‍රස්තවාදීන් ට බරපතළ හානි සිදු වී ඇතැයි දැනගන්නට ලැබේ.
මේ අතරවාරයේදී පාකිස්තානයේ බජාවූර් දිස්ත්‍රික්කයේ සිදු වූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.
පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ තුර්බාත් නගරය සහ ඒ ආසන්නයේ ත්‍රස්තවාදීන් ගැවසෙන බවට ලද බුද්ධි තොරතුරු මත පාකිස්තාන ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ත්‍රස්තවාදීන් සිටි බවට සැක කෙරෙන ස්ථානයක් ආරක්ෂක අංශ විසින් වටළනු ලැබ තිබෙන අතර එහිදි ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇති වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ.එන්.අයි./ඩ්වෝන් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd