IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


පාකිස්තාන හමුදා සාමාජිකයෝ 3 ක් මරුට

බලුකිස්තානයේ සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ සිදුවීම් දෙකකින් පාකිස්තාන හමුදාවේ සාමාජිකයන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

පාකිස්තාන හමුදාව සහ ත්‍රස්තවාදීන් අතර සිදු වූ ගැටුම්වලින් මෙලෙස පාකිස්තාන සොල්දාදුවන් මියගොස් ඇතැයි ද මෙම ගැටුම්වලින් ත්‍රස්තවාදීන් ට බරපතළ හානි සිදු වී ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අතරවාරයේදී පාකිස්තානයේ බජාවූර් දිස්ත්‍රික්කයේ සිදු වූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.

පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ තුර්බාත් නගරය සහ ඒ ආසන්නයේ ත්‍රස්තවාදීන් ගැවසෙන බවට ලද බුද්ධි තොරතුරු මත පාකිස්තාන ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ත්‍රස්තවාදීන් සිටි බවට සැක කෙරෙන ස්ථානයක් ආරක්ෂක අංශ විසින් වටළනු ලැබ තිබෙන අතර එහිදි ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් ඇති වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ.එන්.අයි./ඩ්වෝන් ඇසුරිනි



අදහස් (0)

පාකිස්තාන හමුදා සාමාජිකයෝ 3 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 296 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 152 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1802 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site