'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මෙල්බන් සෞඛ්‍ය අංශ සමත්වීමත් සමඟ, නගරයේ දෛනික කටයුතු යළි යථාතත්ත්වයට පත් වී ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය පවසයි.
මෙල්බන් අයත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයටය. වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට එන්නත් ලබා දීම සාර්ථකව සිදුවෙමින් පවතී. මේ වනවිට සියයට 90 කට වඩා වැඩි පිරිසකට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති අතර, තෙවැනි එනන්නත් (බූස්ටර්) මාත්‍රාවක් ද ලබා දීම ආරම්භ කර තිබේ.
වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මෙල්බන් නගරයට පනවා තිබුණු තහංචි අදියරෙන් අදියර ඉවත් කිරීම සිදුවූයේ එන්නත්කරණය සියයට 70, 80 සහ 90 පසු කරද්දීය. මේවනවිට සියලු තහංචි ඩවත් කර ඇත. එසේ වුවත් මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය රැක ගනිමින් වගකීමෙන් හැසිරෙන්නැයි මෙල්බන් වැසියන්ට උපදෙස් ලැබී ඇත.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මෙල්බන් ජනජීවිතය යළි යථා තත්ත්වයට