
ලන්ඩන් නුවර අධිආරක්ෂිත 'බෙල්මාෂ්' බන්ධනාගාරයේ රඳවා සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ට විවාහ වීමට අධිකරණය අවසර දී තිබේ. ඒ, ඔහුගේ පෙම්වතිය කළ අවසර ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වමිනි.
බ්‍රිතාන්‍ය බන්ධනාගාර අධිකාරිය ජුලියන් අසාන්ජ් ට විවාහ වීමට අවසර ලබා දීමට එකඟ වී ඇත්තේ, අසාන්ජ්ගේ පෙම්වතිය ස්ටෙලා මොරිස් දිගින් දිගටම අධිකරණයෙන් කළ ඉල්ලමක් සැලකිල්ලට ගනිමිනි. ස්ටෙලා මොරිස් යනු අසාන්ජ්ගේ නීතීඥ කණ්ඩායමේ සහායිකාවක ලෙස කටයුතු කළ තැනැත්තියකි. අසාන්ජ් සහ ස්ටෙලාට දරුවෝ දෙදෙනෙක් ද වෙති.
ජුලියන් අසාන්ජ් යනු ඇමෙරිකාවේ උදහසට ලක්වුණු චරිතයකි. මොහු ඕස්ට්‍රේලියානුවෙකි. අසාන්ජ් ඇමෙරිකාවේ උදහසට ලක් වූයේ ඔහු ඔහුගේ 'විකිලීක්ස්' වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකා රජයේත් එරට හමුදාවේත් රහස් රැසක් ලොවට අනාවරණය කළ බැවිනි.
ඇමෙරිකානු ආරක්ෂක අංශ අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති නානාපති කාර්යාලයට ගොස් එහි ආරක්ෂාව පැතුවේ 2015 වසරේදීය. එම අවස්ථාවේදී, අසාජ්ට එරෙහිව ලිංගික අපහරණ චෝදනා එල්ල වී තිබුණි.
2019 වසරේ දී ඉක්වදෝර් තානාපති කාර්යාලය අසාන්ජ් ට ලබා ආරක්ෂාව ලබා දීම නතර කළ අතර, ඔහු බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් විය. අසාන්ජ් 'බෙල්මාෂ්' බන්ධනාගාරයේ රඳවා තැබීම සිදුවූයේ ඉන්පසුවය.
ඇමෙරිකාව උත්සාහ ගන්නේ, අසාන්ජ් ඇමෙරිකාවට ගෙන්වා ගනිමින් ඔහුට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වීමටය. අසාන්ජ් තමන්ට බාර දෙන්නැයි ඇමෙරිකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතය.
(ඒ.ඒෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජුලියන් අසාන්ජ්ට විවාහ වෙන්න අවසර