IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


වායු දූෂණය ඉහළට: දිල්ලිය ලොක්ඩවුන්

වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර 'ලොක්ඩවුන්' කිරීමට දිල්ලි ප්‍රාන්ත බලධාරීහු තීරණය කළහ. වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් ලොව නගරයක් 'ලොක්ඩවුන්' කළ පළමු අවස්ථාව මෙය යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නවදිල්ලි අගනුවර පාසල් වසා දැමීමට ප්‍රාන්ත රජය සහ නගර බලධාරීන් ඒකමතිකව තීරණය කළේ පසුගිය සෙනසුරාදා (13) ය.

වසා දැමුණු පාසල් යළි විවෘත කිරීම සිදුවනු ඇත්තේ වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ කාලගුණ විද්‍යාඥයන් ලබා දෙන දත්ත පාදක කර ගනිමින් යැයි දිල්ලි මහ ඇමැති අරවින්ජ් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

''දරුවන්ගේ ජීවිත අනතුරේ දමන්න අප සූදානම් නැහැ. පාසල් සතියක් වසා දැමීමට තීරණය කළේ ඒ අනුවයි. කෙසේ නමුත් සතියකින් පසු පාසල් විවෘත කරනවා ද තවදුරටත් පාසල් වසා තබනවා ද යන්න තීරණය කරන්නේ කාලගුණ විද්‍යාඥයන් ලබා දෙන වාර්තා අනුවයි.'' යැයි මහ ඇමැති කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

මේ වනවිට නවදිල්ලි අගනුවර සියලු ඉදිකිරීම් වැඩ පවා තාවකාලිකව සිවු දිනකට නවතා දමා ඇති බවත්, නගරයට පිවිසෙන වාහන සීමා කිරීමටත් පියවර ගෙන ඇත. රජයේ සේවකයන් බොහෝ දෙනකුට නිවසේ සිට රැකියාව කිරීමට අවසර ලැබී ඇති අතර, සේවක සේවිකාවන් හැකි තරම් නිවෙස්වල රඳවා සේවා ලබා ගැනීමට පියවර ගන්නැයි දිල්ලි රජය පෞද්ගලික අංශයට දන්වා ඇත.

අද වනවිට ලොව වඩාත්ම දූෂිත නගරයක් ලෙස සැලකෙන්නේ නවදිල්ලියයි. වායු දූෂණය ඉහවහා ගොස් නවදිල්ලි අගනුවර 'ලොක්ඩවුන්' කිරීමට බලධාරීන්ට සිදුවූයේ දීවාලී සැමරුමෙන් පසු නවදිල්ලිය විෂ දුමාරයකින් වසී යෑමත් සමඟය.

විෂ දුමාරයකින් නගරය වැසී ගියේ දීවාලි සැමරුම් සඳහා ගිනිකෙළි සහ පිදුරු දැල්වීමට දිල්ලි වැසියන් කටයුතු කළ බැවිනි. මේ වනවිට දිල්ලි වැසියන්ගෙන් සියයට 80 ක් හිසරදය ඇතුළු ශ්වසන ආබාධවලින් පෙළෙනවා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

වායු දූෂණය ඉහළට: දිල්ලිය ලොක්ඩවුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 296 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 151 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1800 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site