
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම හමුවේ අරමුණ දෙරට අතර යහපත් සබඳතා වර්ධනය කර ගැනීම බව ධවල මන්දිරය මෙන්ම චීන විදේශ කටයුතු අමත්‍යාංශය ද නිවේදන නිකුත් කරමින් පෙන්වා දී ඇත.
බයිඩන් පරිපාලනය චීනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ කරයි. චීනය ද ඊට කැමැත්තක් දක්වා ඇත. 'කොප්26' සමුළුවේදී ද කාගේත් පුදුමයට හේතුවක් වන අයුරින් ඇමෙරිකාව සහ චීනය කාබන් විමෝචනය අඩු කිරීමට සහයෝගයෙන් වැඩ කරන බව පැවැසීය.
හෙට (15) පැවැත්වෙන හමුවේ දී, චීන තායිවාන අර්බුදය, චීනය මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ඇමෙරිකා චීන වෙළෙඳ කටයුතු පිළිබඳවත්, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා කෙරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් බලයට පැමිණියේ, චීනය ඇමෙරිකානුවන්ට තර්ජනයක් බවත්, චීනය ඇමෙරිකානුවන්ට රැකියා අවස්ථා අහිමි කර ඇති බවත් පවසමිනි.
ට්‍රම්ප් පරිපාලන සමයේ ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනැවීමක් කළ බැවින්, දෙරට අතර වෙෙළඳ යුද්ධයක් නිර්මාණය විය.
කෙසේ නමුත් මෙම වසර ආරම්භයේ දී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් බයිඩන් බලයට ආ විට කියා සිටියේ චීනය සමඟ යහපත් සබඳතා පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා බවය. කෙසේ නමුත් චීනයේ 'මැරකම්'වලට එරෙහිව සැමවිටම දැඩි තීන්දු තීරණ ගැනීමට ද තමන් පසුබට නොවන බව ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන් ජින්පින් හමුවක්