IMG-LOGO

රුසියාව චන්ද්‍රිකාවක් පුපුරුවලා

පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකාවක් පහරදී විනාශ කිරීමට රුසියාව පපියවර ගැනීමත් සමඟ, ඇමෙරිකාව රුසියාවට දොස් නගන්න විය. ඒ, චන්ද්‍රිකාව පුපුරුවා විනාශ කිරීමෙන් අභ්‍යවකාශයේ රැඳී සිටින ගගනගාමීන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වූ බව පවසමිනි.

රුසියාව ඔවුන්ගේ අභිමතය පරිදි පහර දී චන්ද්‍රිකාවක් විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ද නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.

ලොව රටවල් කීපයක ගගනගාමීහු මේ වනවිට අභ්‍යවකාශයේ රැඳී සිටිති. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන් ගණන 7 කි. ඇමෙරිකන්, රුසියන් සහ ජපන් ගගනගාමීහු ඊට අයත් වෙති. චීනය ද අභ්‍යවකාශයේ ඔවුන්ටම කියා නැවැතුම්පොළක් ඉදි කරමින් පවතින අතර, ගගනගාමීහු දෙදෙනෙක් ද එම එකලැස් කිරීම්වල නියැළෙති. එම දෙදෙනාගෙන් එක් අයකු කාන්තාවකි.

'රොස්කොස්මොස්' රුසියන් අභ්‍යවකාශ ආයතනනය, රුසියන් හමුදාව සමඟ එක් වී, දිගු දුර රොකට් මිසයිලයක් යවා පුපුරුවා හැරියේ මීට වසර 39 කට පෙර, රුසියාව පෘථිවි කක්ෂයට යවා රැඳවූ 'කොස්මොස්1408' නමැති චන්ද්‍රිකාවය. රුසියාව මෙය පුපුරුවා හැරියේ පසුගිය 14 වැනිදාය.

කිලෝ ග්‍රෑම් 2,000 ක් බර 'කොස්මොස්1408' චන්ද්‍රිකාව අක්‍රිය වී ගිය එකකි. එය අනාගතයේ දිනෙක පෘථිවියට වැටීමේ අවදානමක් ද පැවැතිණි. එහෙයින් කල්තියා සුදුසු වේලාවක් බලා එය පුපුරුවා විනාශ කළ බව 'රොස්කොස්මොස්' අභ්‍යවකාශ ආයතනය පැහැදිලි කර තිබේ. තමන් චන්ද්‍රිකාව පුපුරුවා විනාශ කළේ හොඳින් ගණනය කර, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට සහ එහි ගගනගාමීන්ට අනතුරක් නොවන අයුරින් බව ද රුසියානු 'රොස්කොස්මොස්' අභ්‍යවකාශ ආයතනය වැඩි දුරටත් පවසා ඇත.

කෙසේ නමුත් ඊයේ (15) ඇමෙරිකාවේ නාසා ආයතනය, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගගනගාමීන්ට අනතුරු අගවන්න වූයේ චන්ද්‍රිකාවේ පුපුරා ගිය කැබැලි 30 ක් පමණ අභ්‍යවකාශ නැවැතුම්පොළ දෙසට පැමිණීමට ඉඩ ඇති බවත්, ඒවා නැවැතුම්පොළේ ගැටුණොත් මනා විනාශයක් සිදුවීමට ඉඩ ඇති බවත්ය.

ඒ අනුව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ඇමෙරිකන් සහ ජපන් ගගනගාමීන් ඔවුන් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය 'ස්පේස් එක්ස් ඩ්‍රැගන්' කැප්සියුලයටත්, නැවැතුම්පොළේ රැඳී සිටින රුසියන් ගගනගාමීන් දෙදෙනා ඔවුන්ගේ 'සෝයූස්' ගගන කැස්පියුලයටත් ගොඩවී ආපසු පෘථිවියට පැමිණීමට සූදානමින් සිටියේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ගගනගාමීන් රැගෙන යෑමෙන් පසු 'ස්පේස් එක්ස් ඩ්‍රැගන්' කැප්සියුලයත් 'සෝයූස්' කැප්සියුලයත් අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වී තිබේ.

ගගනගාමීන් පැය දෙකක කාලයක් කැප්සියුලවල සිටි අතර, අවසානයේ සුන්බුන්වලින් අනතුරක් නොමැති බව තහවුරු වීමෙන් පසු ඔවුන් යළි ඔවුන්ගේ සුපුරුදු රාජකාරිවල නියැලුණු බවත් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ සහ එහි රැඳී සිටින ගගනගාමීන්ගේ ජීවිත අනතුරේ දැමුවේ යැයි ඇමෙරිකාව චෝදනා නැගුවත්, රුසියානුවන් තරයේ පවසා ඇත්තේ තමන් එවැන්නක් නොකළ බවය.

නාසා ආයතනය සමඟත් සෙසු අභ්‍යවකාශ ආයතන සමඟත් දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කරන බව ද 'රොස්කොස්මොස්' ආයතනය පවසා ඇත.‍ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකර ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් 408 ක් ඉහළිනි. චීනය ඔවුන්ටම කියා කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරන්නේ කිලෝ මීටර් 340 ක් පමණ ඉහළිනි.

(රොයිටර්)



අදහස් (1)

රුසියාව චන්ද්‍රිකාවක් පුපුරුවලා

Bamunuarachchi Wednesday, 17 November 2021 11:35 AM

යාලුවා බයවෙලා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 510 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 490 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site