යුරෝපා සංගමයෙන් ඉන්දියාවට ආධාර උග්‍ර සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ඉන්දියාවට තවදුරටත් සහයෝගය දක්වමින් අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍යාධාර එවීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත. 02 May 2021
’ස්පුට්නික් 5’ ඉන්දියානුවන්ට ඉන්දීය රජය ඇණවුම් කළ රුසියාවේ ’ස්පුට්නික් 5’ එන්නත පළමු තොගය ඊයේ (1) හයිද්‍රාබාද් ගුවන් තොටුපොළට ලැබුණි. 02 May 2021
ඉන්දීය ප්‍රාන්ත මැතිවරණය: ඡන්ද ගණන් කිරීම ඇරැඹේ කොරෝනා වසංගතය මැද, ඉන්දියාවේ ප්‍රාන්ත 5 ක පැවැති ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (2) උදෑසන ආරම්භ වෙයි. 02 May 2021
ඇමෙරිකානුවන්ට ඉන්දියාවෙන් යන්න කියයි ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි සංචාරක උපදේශනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රජය දැනුම් දී තිබේ. 01 May 2021
පාකිස්තානයේ අධ්‍යාපන ආයතන වසයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්තානයේ සින්ද් පළාතේ පාසල්, විශ්ව විද්‍යාලය ඇතුළු අධ්‍යාපන ආයතන වසා දැමීමට පළාත් ආණ්ඩුව පියවර ගෙන ඇත. 01 May 2021
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 4 යි ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂ 4 පසු කළේය. ඒ අනුව, එක් රටකින් එක් දිනකදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. 01 May 2021
මොඩර්නා එන්නතට අනුමැතිය ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි හදිසි භාවිතය සඳහා ඇමෙරිකාවේ ’මොඩර්නා’ සමාගම නිපදවා ඇති ’මොඩර්නා’ ප්‍රතිශක්තිකරණ එන්නත සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. 01 May 2021
ඉන්දියාවේ ආසාදියන් මිලියන 18 පසු කරයි ඉන්දියාවේ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ මිලියන 18 ඉක්මවා ගියේ ය. 30 April 2021
ඔක්සිජන් අර්බුදය අවසන් වේවි ඉන්දියාවේ ඔක්සිජන් අර්බුදය මැයි මාසය අග වන විටදී විසඳෙනු ඇතැයි පැවසේ. 30 April 2021
සුවය ලැබූවන් ගැන විමසිල්ලෙන් ඉන්න කොරෝනා වයිරසය ආසාදනය වී, පී.සී.ආර්. වාර්තා ’නෙගටිව්’ වීමත් සමඟ සුවය ලැබුවේ යැයි අර්ථ නිරූපණය කරන ආසාදිතයන් ගැන විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, එසේ සුවය ලබන අයගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් පවතින බවත් සිංගප්පූරු වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. 30 April 2021
ඉන්දියාවේ විකෘති කොරෝනා ප්‍රභේදය ප්‍රංශයේ ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන ඉන්දියාවෙන් පළමු වරට හඳුනාගත් ’බී1.617’ කොරෝනා විකෘති වයිරස ප්‍රභේදය ප්‍රංශයට පැතිර ගොස් ඇතැයි තහවුරු වී තිබේ. 30 April 2021
පුංචිම බබාලාටත් කොරෝනා එන්නතක් මාස 6 ක් තරම් කුඩා බිලිඳන් වෙනුවෙන් ද කොරෝනා ආසාදනය වළක්වන එන්නතක් මේ වනවිට නිපදවීම ආරම්භ කර ඇති බවත්, එය ලබන සැප්තැම්බරයේ සිට සායනික අත්හදා බැලීම්වලට යොදා ගන්නා බවත් ජර්මනියේ ’බයෝ ඇන්ටෙක්’ ඖෂධ නිස්පාදන සමාගම පවසයි. 29 April 2021
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ අවසන් ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ, බටහිර බෙංගාල, ඇසෑමය සහ පුඩුචෙරි යන ප්‍රාන්තවල අදියර කීපයක් යටතේ පැවැති ප්‍රාන්ත සභා මැතිවරණ සියල්ල අද (29) අවසන් විය. 29 April 2021
තුර්කිය ලොක්ඩවුන් කොවිඩ් -19 සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ අද (29) සිට මැයි 17 වනදා දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි රජය තීරණය කර ඇත. 29 April 2021
අල්ලූටත් කොරෝනා ජනප්‍රිය තෙළිඟු නළුවෙක් වන අල්ලූ අර්ජූන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. 29 April 2021
සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් සමුගනී 1969 වසරේ ඇපලෝ 11 සඳ ගමනට එක්වුණු නාසා ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. කොලින්ස් 90 හැවිරිදි වියෙහි පසුවිය. 29 April 2021
කොවැක්සින් එන්නතට ද්විත්ව විකෘතිය අඩපණ කළ හැකියි ඉන්දියාවේ පැතිර යන කොරෝනා ද්විත්ව විකෘතිය ආසාදනය වැළැක්වීමට එරට භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ’කොවැක්සින්’ එන්නතට හැකියාව ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. 28 April 2021
මෝදිගේ නැන්දණිය කොරෝනාවට බිලි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නැන්දණිය වන නර්මදාබෙන් මෝදි, ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 28 April 2021
මංගල උත්සව නැවැත්වීමට පියවර දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබියදී ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්තයේ බටහිර ත්‍රිපුර පරිපාලන දිස්ත්‍රික්කයේ පැවැති විවාහ මංගල්‍යය උත්සව දෙකක් පොලිසියේ මැදිහත් වීමෙන් නවතා දමා ඇත. 28 April 2021
පණ අදින සැමියට කෘත්‍රිම ස්වසනය රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රිම ස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. 28 April 2021
දෙවැනි මාත්‍රාව ලබා ගන්න ඇමෙරිකානුවෝ මැලිවෙති ඇමෙරිකානුවන් මිලියනයකට වැඩි පිරිසක්, ඔවුන්ට ලබා දුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වන බව එරට වසංගත රෝග මර්දන ඒකකය පවසයි. 28 April 2021
ඉන්දියාවේ තත්ත්වය අන්තිම නරකයි ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැටකන ඉන්දියාවේ තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් පවතින බවත් එය වචනයෙන් විස්තර කළ නොහැකි මහා ඛේදවාචකයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. 27 April 2021
එන්නත් විශ්වාස කරන්න: ඉන්දීය වෛද්‍යවරු කියති ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන ‘කොවිෂීල්ඩ්’ සහ ‘කොවැක්සින්’ එන්නත් අනිවාර්යයෙන් ලබා ගන්නා ලෙසත්, කොරෝනා වසංගතයට ඇති එකම පිළියම එන්නත් ලබා ගගැනීම බවත් ඉන්දීය වෛද්‍යවරු පෙන්වා දෙති. 27 April 2021
ඇමෙරිකාවෙන් ලෝකයට එන්නත් මිලියන 60 ක් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් මාත්‍රා මිලියන 60 ක් සෙසු රටවල් සමඟ බෙදා ගැනීමට ඇමෙරිකාව සූදානම් වෙයි. 27 April 2021
’මොඩර්නා’ එන්නත හදිසි භාවිතයට ඇමෙරිකාවේ ’මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම, ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැලැක්වීමට නිපදවා ඇති ’මොඩර්නා’ එන්නත හදිසි භාවිතයට යොදා ගැනීමට කෙරෙහි ලෝක සෞඛය සංවිධානයේ අවධානය යොමු වී ඇත. 26 April 2021
සෞඛ්‍ය අංශවල සහායට ඉන්දීය ගුවන් හමුදාව කැඳවයි ඉන්දියාවේ තත්ත්වය උත්සන්න වීමත් සමඟ වෛද්‍ය අංශවල සහායට ඉන්දීය ගුවන් හමුදාව කැඳවා ඇත. 26 April 2021
2021 ඔස්කාර් සම්මාන උළෙල කොවිඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙල සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2021 ඔස්කාර් සම්මාන උළෙල, අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හිදී පැවැත්වූ අතර එහිදී හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය නෝමැඩ්ලෑන්ඩ් (Nomadland) චිත්‍රපටය වෙනුවෙන් හිමිවිය. 26 April 2021
ඔක්ස්ෆර්ඩ් මැලේරියා එන්නත සාර්ථකයි මැලේරියාව මර්දනයට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවා ඇති එන්නත සාර්ථක යැයි පැවැසෙයි. 25 April 2021
අතුරුදන් සබ්මැරීනයේ සුන්බුන් හමුවෙයි අතුරුදන් වූ තම සබ්මැරීනයේ සුන්බුන් හමුවුණු බවත්, එහි සිටි 53 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ඉන්දුනීසියා නාවික හමුදාව පවසයි. 25 April 2021
ඔක්සිජන් ටැංකිවලට පොලිස් ආරක්ෂාව ඔක්සිජන් ටැංකිවලට සහ ඒවා ප්‍රවාහනය කරන ලොරිවලට පොලිස් ආරක්ෂාව ලබාදීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. 25 April 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026